(පාලිත ආරියවංශ)
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 23 සහ 24 කිලෝමීටර් කණු අතර(මවුන්ට් හෙවන් හෝටලයට නුදුරින් ) ඇති වංගුවකදී ත්‍රිරෝද රථයක් අඩි 400 ක පමණ ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්කළ 6 දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් 4ක් බරපතල තුවාල ලබා ඇත.
ඔවුහු බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල ප්‍රතිකාර ලබති. මෙසේ අනරතුරට පත්ව ඇත්තේ වැල්ලවායේ ඥාතියෙකුගේ මළ ගමට ගොස් ගෙදර යමින් සිටි එකම පවුලකට අයත් පිරිසකි.
එක පිරිසක පියා විසින් ත්‍රිරෝද රථය පැදවු අතර අතර පිටුපස අසුනේ ඔහුගේ බිරිද හා දරුවෙක් ද අනෙක් පිරිසේ මව සහ දරුවන් දෙදෙනෙකු ගමන් කර තිබේ .
බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවීම් හා ජීවිත බේරාගැනීමේ ඒකකයෙන් නිලධාරින් පැමිණ ඇල්ල පොලිසිය හා ප්‍රදේශවාසීන්ගේ සහායද ඇතිව මහ ප්‍රපාතයේ සිටි තුවාලකරුවන් ගොඩගත් බව පොලීසිය කියයි.
ත්‍රිරෝද රථය පැදවු පුද්ගලයා ළමයෙක් හා කාන්තාවක් බදුල්ල මහරෝහලට යැවු නමුත් කාන්තාව එහිදි මියගොස් තිබේ.
අනෙක් කාන්තාව හා ළමයි දෙදෙනෙක් බණ්ඩාරවෙල මූලික රෝහලට රැගෙන ගිය නමුත් එහිදි එම කාන්තාවද මියගොස් ඇත.
මීගහකිවුල අරාව සහ ඇල්ල ගොටුවෙල පදිංචි මෙම පවුල් දෙකේ කාන්තාවන් දෙදෙනා නෑනලා වන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගොස් ඇත්තේ නිලංගිකා දිල්හානි 36 සහ විජේසුන්දර මුදියන්සේලාගේ ඥානවතී (38)යන දෙදෙනාය.
42 හැවිරිදි ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා, අවුරුදු 10 සහ,අවුරුදු 16 යන වසස්හි පසුවන පිරිමි ළමුන් දෙදෙනා හා 8 හැවිරිදි ගැහැණු ළමයා බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල ප්‍රතිකාර ලබති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාවණා ඇල්ල ප්‍රපාතයට ත්‍රිරෝද රියක් පෙරැළී 2ක් මරුට :4ක් රෝහලේ