වැලිකන්දේ පාසලක් පිටුපස ඉඩමකින් අත්බෝම්බ 2 ක් හමුවෙයි පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වල දමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් අද (06 ) සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 06 June 2019
ආයුර්වේද කොමසාරිස්ගේ වන්දි නඩුව සැප්තැම්බර් 24 විභාගයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළැයි කියන විත්තිකරුවන් පිරිසකගෙන් රුපියල් කෝටි පහමාරක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවරා ඇති නඩුව සැප්තැම්බර් මස 24 වනදා විභාගයට ගැනීමට අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියෝග කළේය. 06 June 2019
ගෝනකු - මුවෙකු මැරූ තිදෙනෙකුට දඩ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී ගැබ්බර ගෝනදෙනකු සහ මුවෙකු වෙඩි තබා මරා දැමීම හා ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 6 කට අධිකරණයේ වරද පිළිගත් විත්තිකරුවන් තිදෙනෙකුට දඩ නියම කිරීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (6) නියෝග කළාය. 06 June 2019
අයිස් මත්කුඩු සමඟ තිදෙනෙකු අත්අඩංගුවට කල්පිටිය කන්දකුලිය තාලඅඩිය ප්‍රදේශයේදී, අයිස් මත්කුඩු ග්‍රෑම් 8.1ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද(6) කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 06 June 2019
පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් තරුණයා යළි රිමාන්ඩ් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර සහ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුස්ලිම් තරුණයා ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (6) නියෝග කළේය. 06 June 2019
නැන්දම්මා ඝාතනය කළැයි බෑනාට මරණ දඬුවම පොරෝ මිටෙන් නැන්දම්මාට පහරදී ඝාතනය කර නෑනාට තුවාල කළේ යැයි වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට මරණ දඩුවම ලබා දෙන ලෙසට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද ( 06) දින නියෝග කළේය. 06 June 2019
හොරොව්පොතාන ප්‍රා.ස සමෘද්ධි ප්රතිලාභ උත්සවයේ ගුටිබැට හුවමාරුවක් ආර්ථික අපහසුතා ඇති ජනතාව සඳහා රජය විසින් ලබාදෙන සමෘධි සහනාධාරය ආර්ථික අපහසුතා නොමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් ලබාදෙනවා යැයි කළ ප්‍රකාශයක් නිසා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ අද (06)පැවැති සමෘද්ධි ප්රතිලාභ ලබාදීමේ උත්සවයේදී හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය. 06 June 2019
තමිල්නාඩු අත්අඩංගුවේ සිටින ධීවරයින් 32 ක් නිදහස් කිරීමට යයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ අත්අඩංගුවේ පසුවන ධීවරයින් 32ක් සහ යාත්‍රා 32 ක් නිදහස් කිරිම සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එරට මධ්‍යම ආණ්ඩුවේ උපදෙස් මත පියවර ගනිමින් සිටියි. 06 June 2019
ලක්ෂ තුනක ගංජා සමඟ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න කේරල ගංජා තොගයක් සමග යුද හමුදා සෙබළකු කටුබැද්ද මාර්ග බාධකයේදී අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 June 2019
වැඩපාලකවරයෙකුගේ ස්ථාන මාරුවට එරෙහිව දඹුලු නගර සභාවේ උද්ඝෝෂණයක් චෝදනා කිහිපයක් නිසා දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙක් නගර සභාවේම වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දඹුල්ල මහනගර සභාවේ සේවකයන් පරිපාලකයන් දේශපාලන අධිකාරිය අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් අද (6) මතුවිණි. 06 June 2019
තහනම් දැල් යොදා මසුන් ඇල්ලූ ධීවරයෝ 16 ක් අත්අඩංගුවට මුලතිව් අලම්පිල් මුහුදේ නීතිවිරෝධීව තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 16 දෙනෙකු හා යාත්‍රා තුනක් සමඟ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 06 June 2019
යාපනයේ රිය අනතුරකින් 5ක් රෝහලේ යාපනයේ අද (06) සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව යාපනය පොලීසිය පවසයි. 06 June 2019
දිවුලපිටියේ යාච්ඥා මධ්‍යස්ථානයකට ගම්මුන්ගේ විරෝධය දිවුලපිටිය-හොරගස්මුල්ල ප්‍රදේශයේ නිත්‍යානුකූල නොවන අන්දමින් පවත්වාගෙන යන යාච්ඥා මධ්‍යස්ථානයක් නිසා තමන් මහත් සේ පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීහු හා ප්‍රදේශයේ මහා සංඝරත්නය අද ( 6) දහවල් එම මධ්‍යස්ථානයට පැමිණ විරෝධය පළ කළහ. 06 June 2019
රන්මාල කොල්ල කෑ දෙදෙනෙකු අල්ලයි රන්මාල කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(06) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 06 June 2019
නීතිය ක්‍රියාවට නංවන්නැයි ඉල්ලා කතරගම විරෝධතා හිස්බුල්ලා වැනි මුස්ලිම් ඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අද (6) කතරගම විහාරස්ථාන රැසක හිමිවරු කතරගම නගරයේ කඩ සාප්පු වසා දමා ගම්වාසීන් සමඟ එක්ව විරෝධතාවයක නිරතවූහ. 06 June 2019
විභාග වංචා සම්බන්ධයෙන් ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් රාජ්‍ය සේවා තරග විභාගයකදී වංචා කළේ යැයි චෝදනාව සම්බන්ධයෙන් ගුරුවරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. 06 June 2019
පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරලා පුගොඩ , ඕවිටිගම බෝධිමලු විහාරස්ථාන මාර්ගයේ නිවසක නිදාගෙන සිටි අයෙකු අද (06) අලුයම ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇතැයි පුගොඩ පොලිසිය කියයි. 06 June 2019
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මරුට අකුරැස්ස පොලිස් වසමේ තලහාගම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අද(06) පෙරවරුවේ විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි. 06 June 2019
කෝටියක කේරල ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා ලොරියකින් ප්‍රහාහනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ධර්මපුරම් චුන්ඩිකුලම් ප්‍රදේශයේදී අද (05) කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 05 June 2019
හෙරොයින් - ගංජා ළඟ තබාගෙන සිටි 13 ක් අත්අඩංගුවට හෙරොයින් සහ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව සුරාබදු අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. 05 June 2019
බස් රථයක් යට සඟවා තිබූ ටී-56 උණ්ඩ 7ක් සොයාගනී දෙනියාය සෙල්ලකන්ද මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක යට ගැටගසා තිබූ ටී-56 ගිනි අවියකට යොදන උණ්ඩ හතක්, ගංජා ග්‍රෑම් 740 ක් සමඟ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය සමඟ අද (05) කන්දිල්පාන මංසන්ධියේදී දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 June 2019
විවෘත වරෙන්තු 7ක් ඇති පුද්ගලයෙක් අත්අඩංගුවට විවෘත වරෙන්තු හතක් ඇති අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොද්දල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (05) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පැවැසීය. 05 June 2019
යුද හමුදා පා ගමනේ හත් වැනි දිනය පස්යාලෙන් නිමාවෙයි ශ්‍රී ලංකා යුද හමදාවේ ගුවන් සංක්රමනික බල සේනාවට වසර 25 ක් පිරීම හා යුද ජයග්‍රහණයට වසර 10 ක් පිරීම හේතුවෙන් පසුගිය 29 වැනිදා මැදවච්චියෙන් ආරම්භ කෙරුණු යුද සෙබලුන්ගේ පා ගමනේ හත්වැනි දිනය විශාල ජනතාවකගේ සුබ පැතුම් මැද අද (05) පස්යාල නගරයෙන් නිමාවිය. 05 June 2019
ගුරුකන්ද විහාරය රැක දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සහයක් ඇති බවටත්, ඒ සඳහා විවිධ පාර්ශවයන්ගෙන් සිදුකෙරෙන බලපෑම් වහාම නවත්වන ලෙසටත් ඉල්ලමින් අද (5) විහාරය ඉදිරිපිට දී ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. 05 June 2019
ඉන්ධන පිරවුම්හලක සේවකයන්ට පහරදී මුදල් කොල්ලකාලා මොරගහහේන ඉන්ධන පිරවුම්හලකට අද(05) කඩා වැදී එහි කළමනාකරු ඇතුළු සේවකයින් පස්දෙනෙකුට පොලුවලින් පහරදී තුවාල සිදුකළ පිරිසකගෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 05 June 2019
ඇළ මාර්ගයක බිළිඳු කළලයක් දෙහිවල, නැදිමාල, සුමුදු රාජපක්ෂ මාවත අසළින් ගලා යන ඇළ මාර්ගයක තිබී මාස 6 හෝ 7 ක් පමණ වන බිළිඳු කළලයක් අද හමු වී තිබේ. 05 June 2019
ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට රැගෙනවිත් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි එකහමාරක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 120 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය, චුන්ඩිකුලම ප්‍රදේශයේදී අද (5) උදෑසන අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 05 June 2019
ලකේගල හීන් ගඟ ආශ්රිත ජන අයිතීන් සුරැකීමට නව සංවිධානයක් නකල්ස් කදු පද්ධතිය සහ ලකේගල මුදුනින් ගලා හැලෙන හීන් ගඟ ආරක්ෂා කිරීම සඳහා විල්ගමුව කොට්ඨාසයේ දේශපාලන පක්ෂ හතරක මහජන නියෝජිතයන් ඒකාබද්ධවී ’’ හීන් ගඟ ආශිත ජන අයිතිය සුරැකීමේ සටන් පෙරමුණ ’’නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ 05 June 2019
ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට බෝලවත්ත ප්‍රදේශයේ කිසිදු බලපතක් නොමැතිව ආයුර්වේද සම්බාහන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් ස්ථානයක් අද (05) අලුයම වටලා එහි සිටි කළමනාකරු හා කාන්තාවන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 05 June 2019
මෝටර් රථයක මළ සිරුරක් මාලබේ අරංගල සන්දෝරිස් ජයන්ත මාවතේදී අනතුරට ලක් වූ මෝටර් රථයක් තුළ තිබී අද (05) උදෑසන මෘත ශරීරයක් සොයා ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 05 June 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025