IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට

(චන්දන ප‍්‍රනාන්දු )                                                  

බෝලවත්ත ප‍්‍රදේශයේ කිසිදු බලපතක් නොමැතිව ආයුර්වේද සම්බාහන මුවාවෙන්  පවත්වාගෙන  ගිය ගණිකා මධ්‍යස්ථානයක් ස්ථානයක් අද (05) අලුයම වටලා  එහි සිටි කළමනාකරු හා කාන්තාවන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.   

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තබ්බෝවේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා පේමඩුව ලකඳමුල්ල හා කොළොන්නාවේ පදිංචි වයස අවුරුදු 26, 30 හා 35 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි .

අයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් කාන්තාවන් යොදවාගෙන විවිධ අපචාර හා ගණිකා ජාවාරමේ නිරත වන බවට මහජනයාගෙන් ලැබුණු තොරතුරු මත අද (05) පොලිස් උපායදූතයෙකු රුපියල් 2000 ක් ගෙවා ඇතුළු වී තොරතුරු තහවුරු කර වැටලීමේදි මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය කීය.

මෙම ස්ථානයට ඇතුලුවීමට හා මූලික සම්බාහනයට රුපියල් 2000 ක් අය කර ඇති බවත් ඉන් පසුව සිදුකෙරෙන අමතර කාර්යන් සඳහා එක් එක් අංගයන්ට විවිධ මිල ගණන් අය කරන බවට පොලිස් උපායදූතයා හරහා තහවුරු වු බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන්ව සමාජ රෝග පරීක්ෂාවක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් කළමනාකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කීය.
       
 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1290 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site