( පැතුම් දර්ශන)
ආර්ථික අපහසුතා ඇති ජනතාව සඳහා රජය විසින් ලබාදෙන සමෘධි සහනාධාරය ආර්ථික අපහසුතා නොමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් ලබාදෙනවා යැයි කළ ප්‍රකාශයක් නිසා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ අද (06)පැවැති සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ උත්සවයේදී හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම සහ එක්සත් ජාතික පක්ෂයෙ හොරොව්පොතාන ආසන සංවිධායක පී.සහිදූ, හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජෙරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ඒ අනුව කපුගොල්ලෑව කලාපයේ තුලාන් 12 කට අයත් ප්‍රතිලාභීන් 560 දෙනෙකු සහ හොරොව්පොතාන කලාපයේ තුලාන් දාහතරකට අයත් ප්‍රතිලාභීන් 650 දෙනෙකු සඳහා සමෘධි ප්‍රතිලාභ ලබාදීමට අද(06) කටයුතු සූදානම් කර තිබුණි.
කපුගොල්ලෑව කලාපයට අයත් ප්‍රතිලාභීන් සඳහා මොරවැව ප්‍රදේශයේ උත්සවයක් සංවිධානය කර තිබුණ අතර හොරොව්පොතාන කලාපයේ ප්‍රතිලාභීන් සඳහා උත්සවය හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
පෙරවරුවේ මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවය නිම කොට මධ්‍යහන 12ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම මහතා සහ හොරොව්පොතාන ආසන සංවිධායක පී.සහිදු මහතා ඇතුළු පිරිස ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයට පැමිණීමත් සමඟ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුන මන්ත්‍රීවරුන් හා ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටී දෙසීයකට ආසන්න පිරිසක් හූ කියමින් මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධතාවයක් දැක් වූහ.
එම විරෝධතාවය බහින්බස් වීමක් දක්වා දුර ගිය අතර පසුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
ඒ හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් පැවසුවේ අසාධාරණ ලෙස එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් ලබාදෙන සමෘද්ධි සහනාධාරය සුදුසුකම් ඇති සියලු දෙනාට ලබාදිය යුතු බවත් එතෙක් එම උත්සවයේ වැඩ කටයුතු නවතා දමන ලෙසත් ය.


2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරොව්පොතාන ප්‍රා.ස සමෘද්ධි ප්‍රතිලාභ උත්සවයේ ගුටිබැට හුවමාරුවක්