‘දකුණු පළාතේ ගුරුතුලනයක් ඇතිකරනවා’ දකුණු පළාත තුළ ගුරුතුලනය ඇති කර ගුරුවරුන් නොමැති පාසල් සඳහා ගුරුවරුන් වහාම ලබාදීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 03 June 2019
මීගමුවේ පෞද්ගලික බස් වර්ජනයක් මීගමුව නගරයෙන් ගමන් ආරම්භ වන පෞද්ගලික බස් රථ ගමනාගමනයෙන් ඉවත්ව, වර්ජනයක් ආරම්භ කර තිබේ. 03 June 2019
රතන හිමිගේ උපවාසයට සහය පළ කර හලාවත විරෝධතා පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගය ඉදිරිපස ආරම්භ කර ඇති උපවාසයට සහය පල කරමින් හලාවත ප්‍රදේශවාසීහු නගර මධ්‍යයේ දී අද (3) විරෝධතාවක නිරතව සිටියහ. 03 June 2019
රතනහිමිට සහය දක්වා තිරප්පනේ අඛණ්ඩ උපවාසයක් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතනහිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් තිරප්පනේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පුදගලයන් තිදෙනෙකුද අද (02) ජල ටැංකියක් මත නැග අඛණ්ඩ උපවාසයක් ඇරැඹුහ. 02 June 2019
ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක් ගාල්ල වක්වැල්ල පාරේ සත් මහල් ගෙඩනැගිල්ලක පහත මාලයේ පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළඳසැලක අද (02)දහවල් ඇතිවු ගින්නකින් එහි පිටුපස කොටසට දැඩි අලාබ හානි සිදුවිය. 02 June 2019
නාඳුනන කාන්තා මළ සිරුරක් මුහුදු වෙරලේ නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් කොල්ලුපිටිය මුහුදු මාවත මුහුදේ ගල්පර අතර රැදී තිබියදී අද (02) හමුවී ඇතැයි පොලීසිය කියයි. 02 June 2019
කැලණිවැලි දුම්රිය මඟේ අනතුරකින් කැබ් රියකට හානි කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක කොස්හේන කළුමුතුකැටිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රිය බසයක ගැටීමෙන් අද (02) දහවල් සිදු වූ අනතුරින් කැබ් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 02 June 2019
බදියුදීන්- සාලි- හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා නිහඬ විරෝධතාවයක් රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මැදිරිගිරිය ඔරලෝසු කණුව අසල රැදී සිට ගම්වැසියෝ අද (2) නිහඬ විරෝධතාවයක නිරතවුහ. 02 June 2019
හෙරොයින් සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගිරාදුරුකෝට්ට නගරයේ දී හෙරොයින් මිලිග්‍රෑම් 100ක් සමඟ සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 02 June 2019
යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට කිලිනොච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. 02 June 2019
බදුල්ල දිස්ත්‍රක්කයට නායයාමේ අවදානමක් බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් 29000ක් මේ වනවිට නායයාමේ අවදානමට ලක්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (1) බණ්ඩාරවෙලදී පැවසුවාය. 01 June 2019
බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක වෛද්‍යවරයෙකු විසින් රෝහල් සුළු සේවකයෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් බදුල්ල පළාත් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (01) උදෑසන සිට වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලී සිටිති. 01 June 2019
හොලිරූඩ් වත්තේ ගිනි ගත් නිවාස වෙනුවට නව නිවාස දෙන්න පියවර තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස වෙනුවට නව නිවාස 24 ක් අමාත්‍ය පළනි දිගම්බරන් මහතාගේ කඳුරට නව ගම්මාන අමාත්‍යංශය මගින් ඉදි කර දීමට පියවර ගන්නා බව නුවරඑළිය විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය. 31 May 2019
බදුල්ල රෝහලටත් මව්වරුන්ගෙන් පැමිණිලි බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් වෛද්‍යවරයකු සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන් හට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු අද (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්යක්ෂවරයාට පැමිණිලි කර තිබේ. 31 May 2019
දැරියට අතවර කළ බාප්පා ඇතුළු තරුණයෙක් අත්අඩංගුවට රත්නපුර ප්‍රදේශයේ පාසල් දැරියක් දුෂණය කළැයි සැකපිට එම දැරියගේ බාප්පා යයි කියන පුද්ගලයකු හා තවත් තරුණයකු වේවැල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අද (31) රත්නපුර පොලිසිය වෙත බාර දී තිබේ. 31 May 2019
කාන්තාවකට සවලකින් පහරදුන් සැරයන්වරයෙක් අත්අඩංගුවට පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් වාද්දුව මැලෑගම ප්‍රදේශයේ කාන්තාවකට සවලකින් පහරදුන් බව කියන පානදුර උතුර පොලිසියේ සැරයන්වරයකු අද(31) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 31 May 2019
රෝහල් ගොඩනැගිල්ලකට ගිනි තැබූ පිරිසෙන් අයෙක් අත්අඩංගුවට ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඉදිකරගෙන යනු ලබන පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි යන්ත්‍ර සූත්‍රවලට ගිනි තබා රුපියල් කෝටි 18කට අධික අලාබයක් සිදුකළ පිරිසකගෙන් එක් සැකකරුවෙකු අද (31) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පැවසීය. 31 May 2019
විදුලි සැර වැදී ගොවියෙක් මරුට බැමිණියාගම විජයපුර කුඹුරක වන සතුන්ට අටවා තිබූ විදුලි රැහනකින් විදුලිසැර වැදුණු ගොවියෙකු මියගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 31 May 2019
වෛද්‍ය ෂාෆිට එරෙහිව දඹුල්ලේ උද්ඝෝෂණයක් කුරුණෑගල රෝහලේ සහ දඹුල්ල රෝහලේ සේවය කළ කාලයේදී සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු මව්වරුන්ට දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව අහිමි කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල නගරයේ අද (31) දින කඩසාප්පු වසා දමා ජනතාව දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 31 May 2019
බදියුදීන්ට එරෙහිව හික්කඩුවේ විරෝධතාවක් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබෙන විශ්වාස භංගයට දිනවිමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එක්වන්නැයි බල කරමින් හික්කඩුව නගර සභා සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද හික්කඩුව නගරයේ පාගමනක් පවත්වමින් විරෝධතාවක නිරත වූහ. 31 May 2019
පනංගල වැවේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගනී බණ්ඩාරවෙල පනංගල වැවේ දියනෑමට ගොස් මියගිය තරුණයාගේ මළ සිරුර අද (31) දහවල් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් වැව පතුලේ තිබී ගොඩගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 31 May 2019
මීගමු - කොළඹ බස් වර්ජනයක් කොළඹ - මීගමුව මාර්ග අංක 240 සාමාන්‍ය සේවා පෞද්ගලික බස්රථ හිමියන් අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 31 May 2019
ගංජා පැළ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට පස්සර හිගුරුකඩුව, කැලිවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වගා කර තිබූ ගංජා පැළ 10ක් සමඟ නිවසෙහි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි. 31 May 2019
කිණිගම වෙළඳසැලක් ගිනිගනී බණ්ඩාරවෙල කිණිගම වෙළඳසැලක අද (31) අලුයම හදිසියේ ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 31 May 2019
ගසක එල්ලා තිබූ සිරුරක් සොයාගනී බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (31) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි. 31 May 2019
මුලතිව් හි රිය අනතුරකින් 7 ක් රෝහලේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ළමුන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 31 May 2019
දකුණු පළාත් ගුරුවරුන් 92කගේ හදිසි මාරු අවලංගුයි ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැනි ආකාරයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගුරුවරුන් 92 කට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලබාදුන් ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට අභියාචනා මණ්ඩලය තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල්ගමගේ මහතා පවසයි. 30 May 2019
අපුර නගරයේදී මෝටර් රියක් ගිනි ගනී අනුරාධපුර නව නගරයේ බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (30) දහවල් මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්විය. 30 May 2019
සබරගමුව සිසුහු පාරට බසිති මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද , සිබා, එන්එස්බීඑම් කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරන්නැයි රජයට බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය විසින් අද (30) කොළඹ බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වුහ. 30 May 2019
බණ්ඩාරවෙල වැවක ගිලී තරුණයෙක් අතුරුදන් බණ්ඩාරවෙල පනංගල වැවේ දිය නෑමට ගිය තරුණයෙකු අද (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 30 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025