(ඩී.කේ.රත්න)
බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් වෛද්‍යවරයකු සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන් හට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු අද (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
පස්සර කොටමුදුන පදිංචි වයස අවුරුදු 38 මවක් සහ බදුල්ල කැන්දගොල්ල පදිංචි 33 හැවිරිදි මවක් මෙසේ බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ එම්.එච්.උපුල් ඉන්දික කරුණාරත්න මහතාට පැමිණිලි කර ඇත.
එවකට බදුල්ල මහ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු 2012.02.23 දින සිට 2015.01.31 දින දක්වා බදුල්ල මහ රෝහලේ සේවයේ යෙදී සිට තිබෙන අතර තමන් එම කාලය තුළ සිසේරියන් සැත්කමට භාජනය කළ බවත් එතැන් සිට මේ වනතුරු තමන් හට නැවතත් දරුඵල නොමැති බව පවසමින් මෙම මව්වරුන් බදුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මෙම තත්වය මත බදුල්ල මහ රෝහලේ මෙවැනි පැමිණිලි බාර ගැනීම සඳහා වෙනම කාර්යාලයක් විවෘත කළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd