IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


කාන්තාවකට සවලකින් පහරදුන් සැරයන්වරයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් වාද්දුව මැලෑගම ප්‍රදේශයේ කාන්තාවකට සවලකින් පහරදුන් බව කියන පානදුර උතුර පොලිසියේ සැරයන්වරයකු අද(31) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
 
සැරයන්වරයා සහ එම කාන්තාව අතර කලක සිට ආරවුලක් තිබී ඇති බවත්,  එම කාන්තාව ඔහුට බැණ වදිමින් ඔහුගේ නිවස අසළට පැමිණි බවත්, සැරයන්වරයාගේ බිරිඳ සහ එම කාන්තාව අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත්, ඔහු  අත තිබූ සවලෙන් කාන්තාවගේ හිසට සහ උරහිසට පහරදී ඇති බවත් පොලිසිය කියයි.
 
තුවාල  ලැබූ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
 
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවද, ඇය පහරදුන් බව පවසමින් සැරයන්වරයාගේ බිරිඳ ද පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

පහරදීමට යොදාගත් සවලද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකාර සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කාන්තාවකට සවලකින් පහරදුන් සැරයන්වරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site