(කේ බුද්ධික කුමාරසිරි )
කැලනිවැලි දුම්රිය මාර්ගයේ වටරැක කොස්හේන කළුමුතුකැටිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රිය බසයක ගැටීමෙන් අද (02) දහවල් සිදු වූ අනතුරින් කැබ් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ කැබ් රථය පාදුක්ක දෙස සිට පැමිණ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරනවාත් සමඟ කොස්ගම සිට මහරගම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය බසයේ ගැටී මීටර් 20 ක පමණ දුරක් ඉදිරියට ඇදී ගොස් නැවතී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ් රථයේ එහි රියදුරු පමණක් සිට ඇති අතර රියදුරු හානියක් සිදුව නැති බවද පොලිසිය පවසයි.
මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුවක් සහ මුරකුටියක් දකින්නට ලැබුණද කාලයක සිට එහි මුරකරුවකු සේවය නොකරන අතර එම ස්ථානයේ ආරක්ෂිත සංඥා පද්ධතියක් ද සවිකර නොමැති බැවින් වහාම මෙම දුම්රිය ගේට්ටුවට ආරක්ෂිත ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ගම්වාසීහු දුම්රිය මඟ හරස් කරමින් විරෝධතාවයේ නිරත වුහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැලණිවැලි දුම්රිය මඟේ අනතුරකින් කැබ් රියකට හානි