(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල රෝහලේ සහ දඹුල්ල රෝහලේ සේවය කළ කාලයේදී සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු ව මව්වරුන්ට දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව අහිමි කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල නගරයේ අද (31) දින කඩසාප්පු වසා දමා ජනතාව දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
දඹුළු උරුමය සුරැකීමේ සංවිධානය සහ ස්වේච්ඡා සංවිධාන ප්‍රරදේශවාසීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
පන්සියයකට අධික පිරිසක් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දඹුල්ල බස් නැවතුම්පල දක්වා පා ගමනින් ගොස් නැවතත් දඹුල්ල රෝහල ඉදිරිපිට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd