IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


‘දකුණු පළාතේ ගුරුතුලනයක් ඇතිකරනවා’

 (ජේ.කේ.එල්.චාමින්ද)
 
දකුණු පළාත තුළ ගුරුතුලනය ඇති කර ගුරුවරුන් නොමැති පාසල් සඳහා ගුරුවරුන් වහාම ලබාදීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
 
දකුණු පළාතේ ගාල්ල හා මාතර යන අධ්‍යාපන කළාපයන්හි ගුරු අතිරික්තයක් පවතින අතර අනික් කලාප සියල්ලෙහිම ගුරු ඌනතා පවතින බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා  පෙන්වා දෙයි.
 
දකුණු පළාතේ  අධ්‍යාපන ක්ෂේත්‍රයේ උත්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් නිවේදනයක්  නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කර ඇත. දකුණු පළාතේ කලාප නවයක ගුරු හිඟයක් පවතින අතර ගාල්ල හා මාතර කලාප දෙකහි ගුරු අතිරික්තයක් තිබේ. 
 
හම්බන්තොට, තංගල්ල, අම්බලන්ගොඩ ඇතුළු කලාපවල දරුවන්ට ගුරුවරුන් නොමැති අතර ගාල්ල හා මාතර ගුරුවරු වැඩ නැතිව පාසල්වලට වී වැටුප් ලබමින් සිටිති.
 
ගාල්ල හා මාතර කළාපවල සිටින අතිරික්ත ගුරුවරුන් මාරුකිරීමට පළමුව උපදෙස් දුන්නේ 2019 පෙබරවාරි මාසයේ වන බව ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
 
ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
 
“ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, හිනිදුම, කොටපොල, දෙනියාය ඇතැම් පාසල්වලට වසර 6 ක් පුරා විවිධ විෂයන් සඳහා ගුරු පුරප්පාඩු තිබේ. එසේ තිබියදී, මේ නිලධාරීන්ට හා ගුරුවෘත්තීය සමිතිවලට දකුණේ ගුරුතුලනය කළ නොහැකි වී ඇත. මේ පිරිස කියන්නේ දකුණේ කලාප 9කට ගුරුවරුන් නොමැති වුවත්, ගුරුවරුන් පිරිසකට ගාල්ල හා මාතරට වී වැඩ නැතිව සිටීමට ඉඩදිය යුතු බවද?
 
දකුණේ පාසල්වල අල්ලස් ගැනීම මේ වනවිට නවතා දමා ඇත. තරග විභාගය සමත්වූ අයදුම්කරුවන් 1500 කට ආසන්න පිරිසක් අගෝස්තු මස අවසානයට පෙර බඳවාගැනීමට මේ වනවිට කටයුතු කරමින් තිබේ. වසර 8 ක් පුරප්පාඩුව තිබූ අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) තනතුරද, වසර 1 ½ ක්පුරප්පාඩුව තිබූ ජ්‍යෙෂඨ සහකාර ලේකම් තනතුරද පුරවා ඇත. වසර 35 ක් පිහිටුවාගත නොහැකි වූ ගුරු උපදේශක සේවය පිහිටුවීමට සියලු කටයුතු යොදා ඇත. වසර 4 ½ ක් පුරප්පාඩුව තිබූ දෙමළ භාෂා ගුරුවරුන් 314 ක් බදවා ගැනීමේ කටයුතු මේවනවිට අරඹා ඇත. පගා නොදී අසාධාරණයට ලක්වූ දරුවන් 370 කට වැඩි පිරිසක් පළමු වසරට ඇතුළත් කළෙමි. 
මේ සෑම පියවරකදීම මේ විෂම චක්‍රය පවත්වාගෙන යන පිරිස මේවාට විරුද්ධ වූහ. ගුරුවරු පගාකරුවන්ට පක්ෂව ගාල්ලේ උද්ඝෝෂන ද කළහ.

කලාප අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශ මත සිදුකළ ගුරුවරුන් මාරුකිරීම පිළිබඳ 80ට වැඩි අභියාචනා ලැබී ඇත.

දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස මාගේ වගකීම දකුණේ සියලු දරුවන්ට ගුරුවරුන් ලබාදෙන ගුරුතුලනයකි. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂාකිරීමයි. එසේනැතිව, ගාල්ල හා මාතර කලාප දෙකේ වැඩනැතිව ජනතා බදු මුදලින් වැටුප් ලැබීම වළක්වා දකුණේ දරුවන්ට ඉගෙනගන්නට ගුරුවරුන් ලබාදීමය.

දකුණේ පාසල්වල අල්ලස් නැවැත්වූලෙසම, පුරප්පාඩුපිරවූලෙසම, දෙමළ ගුරුවරුන් බදවාගන්නා ලෙස මම එය අනිවාර්යයෙන්ම දකුණේ දරුවන් වෙනුවෙන් කරමි. ගුරුවරුන් දකුණු පළාත් රාජ්‍ය සේවයට බදවාගෙන ඇත්තේ දරුවන්ට උගන්වන්නටය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළ හැක්කේ හම්බන්තොට, අම්බලන්ගොඩ, වලස්මුල්ල, උඩුගම, දෙනියාය කලාපවල දරුවන්ට ද ගුරුවරුන් ලබාදීමෙන් පමණකි" යනුවෙන් ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (1)

‘දකුණු පළාතේ ගුරුතුලනයක් ඇතිකරනවා’

දිමුත් Monday, 03 June 2019 08:58 AM

ළඟම පාසල් ටික හොදම පාසල් වෙලානේ ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site