(ඩී.කේ.රත්න)

බණ්ඩාරවෙල කිණිගම වෙළසැලක අද (31) අලුයම හදිසියේ ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් රුපියල් ලක්ෂ  50 කට අධික අලාභයක් සිදුවී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල කිණිගම මංසන්ධියේ හීල්ඔය පාරේ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ වෙළදසැලක් මෙසේ ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න ඇතිවීමත් සමග බණ්ඩාරවෙල පොලීසිය දියතලාව යුද හමුදා කදවුරේ නිලධාරීන් සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.