(පාලිත ආරියවංශ)
පස්සර හිගුරුකඩුව, කැලිවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වගා කර තිබූ ගංජා පැළ 10ක් සමඟ නිවසෙහි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි.
පොලිසිය ලද තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ගංජා පැළ හමුවී තිබේ.
අඩි 12 ක් උස ගංජා පැළයක්, අඩි 9ක් උස ගංජා පැළයක් සහ අඩි 6 සිට අඩි 8 දක්වා වූ පැළ 8ක් එහි තිබී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නිවෙස් හිමිකරු 48 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd