(ඩි.කේ.රත්න )
බණ්ඩාරවෙල පනංගල වැවේ දිය නෑමට ගිය තරුණයෙකු අද (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අතුරුදහන්ව ඇත්තේ බණ්ඩාරවෙල අඹේගොඩ ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා තවත් තරුණයෙකු සමඟ පනංගල වැවේ දිය නාමින් සිටියදී එක්වරම දියේ ගිලී අතුරුදන්ව ඇත.
මේ පිළිබඳව බණ්ඩාරවෙල පොලීසියට ඥාතීන් පැමිණිලි කර තිබේ. කිමිදුම්කරුවන් යොදා අතුරුදන් වූ මෙම තරුණයා සෙවීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd