අලි ගම් වැදී නාඋල ගම් රැසක ජනතාව අමාරුවේ මොරගහකන්ද ජලාශයට යටවූ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක වන අලි ගැවසීම ජනජීවිතයට බාධාවක් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 30 May 2019
බණ්ඩාරගම ප්‍රා.සභාව අසළින් ජීව උණ්ඩ රැසක් හමුවෙයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බණ්ඩාරගම - පානදුර මාර්ගයේ දුරකථන කණු දෙකක් අතර දමා ගොස් තිබූ ජීව උණ්ඩ 5 ක් හා පුහුණු උණ්ඩ 68 ක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට අද (30) හමුවී ඇතැයි පොලිසිය පවසයි. 30 May 2019
ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 41 සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු කොහුවල සුපිරි වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 30 May 2019
හමුදා කැළෑ ඇඳුම්වලට සමාන ඇඳුම් 7ක් ඔත්තෙකඩෙන් සොයාගනී බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ, ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී, යුද හමුදා කැළෑ ඇඳුම්වලට සමාන කමිස 2 ක් කලිසම් 3ක් සහ ජර්සි කමිස 2 ක් අද(30) අලුයම සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය කියයි. 30 May 2019
බැංකුවක් කොල්ලකෑමට යොදාගත් වාහන 4ක් වසරකට පසු සොයාගනී අනුරාධපුර තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 16 කට අධික මුදල් සහ ස්වර්ණාභරණ සොරා ගෙන පලා යාමේ සිද්ධියට සම්බන්ධ මහ මොළකරු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී එම කොල්ලයට යොදා ගත් වාහන හතරක් අද (29) එප්පාවල ප්‍රදේශයේදී සොයාගත් බව එප්පාවල පොලිසිය පවසයි. 29 May 2019
රිය අනතුරකින් කාන්තාවක් මරුට කැබිතිගොල්ලෑවේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබු යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරු පැදියක් රඹැව පාසල ඉදිරිපිටදි එකිනෙක ගැටිමෙන් යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක් මිය ගොස් යතුරු පැදිය පැදවු 19 හැවිරිදි තරුණයාද තුවාල ලැබු බව මිහින්තලය පොලිසිය කියයි. 29 May 2019
ජනමාධ්‍ය ඇමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.එල්.කේ. පෙරේරා හමුවෙයි ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (29) ඉරිදා ලංකාදීප පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ ඒ.එල්.කේ. පෙරේරා මහතා හමුවී සුව දුක් විමසා සිටියේය. 29 May 2019
කූරදෙණිය වැවෙන් ටී- 56 උණ්ඩ රැසක් සොයාගනී වෙලම්බඩ කූරදෙණිය වැව සෝදිසි කිරීමේ විශේෂ මෙහයුමකදී ටී - 56 උණ්ඩ රැසක් හා කඩුවක් සොයා ගත් බව පොලිසිය පවසයි. 29 May 2019
පුද්ගල ඝාතනයකට වසර 22 කට පසු මරණ දඬුවම් අසභ්‍ය වචනයෙන් බැන වැදුණායැයි කිමයින් මහ මග රැක සිට වසර 22කට පෙර පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (29) මරණ දඩුවම නියම කළේය. 29 May 2019
ගුරුවරුන් ඉල්ලා බිබිලේ පාසලක විරෝධතාවක් බිබිල, ඉලූක්කැපූතැන්න කණිටු විදුහලට පාසල් ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින් එම මව්පියවරු අද (29) බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 29 May 2019
රිය අනතුරකින් අයෙක් මරුට - 5කට තුවාල කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද(29) මාරගහවැවදී මාර්ගයෙන් ඉවතට පැන ක්‍රොන්ක්‍රීට් බැම්මක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. 29 May 2019
ශරීයා උපාධි කඩ වසා දමන්නැයි උද්ඝෝෂණයක් මඩකලපුව ශරියා උපාධි කඩය වසා දමන්නැයි රජයට බල කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(29) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. 29 May 2019
කළහකාරීව හැසිරුණ නාත්තන්ඩියේ 31 දෙනාට ඇප කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවු ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 31 දා අද ( 29 ) මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්රරාජ මහතා ඇප මත මුදා හරිමින් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 28 වන දිනට කල් දැමීය. 29 May 2019
ළිඳකට වැටී සිසුවියක් මරුට බණ්ඩාරවෙල පනංගල විදුහලේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ළිඳකට වැටී මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 29 May 2019
රුහුණු කුමාරියේ ගැටී කතක් මරුට බේරුවල අම්බලප්පල ප්‍රදේශයේ දී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී රුහුණු කුමාරී දුම්රිය ගැටී වයෝවෘද්ධ කාන්තාවක අද (29) මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 29 May 2019
දැරියට හදි කළ පරිගණක ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට නිවසේ කවුරුත් නොමැති අවස්ථාවක 12 හැවිරිදි ඥාති සොහොයුරියක දූෂණයට ලක් කළ බව කියන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 May 2019
බදියුදීන්ගේ - රජයේ ආයතනවල වංචා ගැන සොයන්නැයි හිමිනමකගෙන් පැමිණිල්ලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇතැයි එම කොමිසම පවසයි. 28 May 2019
මැතිවරණය පවත්වන්න’යි ඉල්ලා රීට් පෙත්සමක් බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා කඩුවෙල පදිංචිකරුවකු අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 28 May 2019
ලක්විජය බලාගාරයේ තාක්ෂණ-ඉංජිනේරු වර්ජනයක් පුත්තලම ලක් විජය බලාගාරයේ තාක්ෂණ හා ඉජිනේරු සේවා සේවකයින්ගේ වර්ජනයක් අද බලාගාරය ඉදිරිපිට පැවැත්විණි. 28 May 2019
කැළෑ ඇඳුම් ඇඳ සිටි පිරිසකට බිය වී දියට පැන්න අයෙක් මරුට මුතුර් රාල්කුලි මහවැලි ගගේ අද (28) දහවල් නීතිවිරෝධි වැලි ගොඩ දමමින් සිටි සිව්දෙනෙකු හමුදා කැළෑ ඇඳුම්වලට සමාන කමිස ඇඳ සිටි පිරිසකට බිය වී මහවැලි ගඟට පැන ඇති අතර ඉන් එක් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මුතුර් පොලිසිය කියයි. 28 May 2019
දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් දකුණු පළාත් සභාව ඇතුළු කාලය අවසන් වීමෙන් මේ වන විට අක්‍රීයව ඇති සියලු පළාත් පාලන ආයතන සඳහා වහාම මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අද (28) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළහ. 28 May 2019
ගම්පහ බැංකු කොල්ලයක් වරදී ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් පලවාහැරීමට එහි ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇතැයි ගම්පහ පොලීසිය කියයි. 28 May 2019
අනාරක්ෂිත පවුල් නැවත පදිංචි කිරීමට ඌවේ දේශපාලකයෝ අකුල් හෙළති රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ අනාරක්ෂිත පවුල් 3000ක් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුගේ දේශපාලන කෝන්තරයක් මත අතරමග නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. 28 May 2019
මන්ත්‍රීවරයකු රාජකාරියට බාධා කළේ යැයි ග්‍රාම නිලධාරිවරයකුගෙන් පැමිණිල්ලක් ගලේවෙල , නබඩගහවත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරයෙකු බාධා එල්ල කරන බව පවසමින් එම ග්‍රාම නිලධාරිවරයා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 May 2019
ගිරිඋල්ලේ පාසලක් අනාරක්ෂිත යැයි මව්පිය විරෝධතාවක් ගිරිඋල්ල කලාපයට අයත් පන්නල අයි එම් ආර් එ ඊරියගොල්ල මහා විද්‍යාලය සෙසු විද්‍යාල සමඟ සැසදීමේදී දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතැයි චෝදනා කරමින් මව්පියවරු අද (28) නිහඬ විරෝධතාවක නිරතවූහ. 28 May 2019
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හරී දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ඇතුළු තම නිල නාමය යටතේ පවත්වා ගෙන ගිය සියලු විශේෂ විමර්ශන ඒකක වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ක්‍රියා කළ බව දකුණු හා සබරගමුව පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 May 2019
බේරුවල නිවසක සඟවා තිබූ පෙට්‍රල්-ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට බේරුවල මරදාන ප්‍රදේශයේ නිවසක තිබී කෑන් කිහිපයක බහාලු පෙට්‍රල් ලීටර 28ක් සමඟ නිවැසියකු අත්අඩංගුවට ගෙන තිබේ. 28 May 2019
අන්තවාදයට එරෙහිව වව්නියාවේ පෝස්ටර් මුස්ලිම් අන්තවාදයට එරෙහිව වවුනියාව දිස්ත්‍රික්ක පුරා අද (28) පෝස්ටර් අලවා තිබේ. 28 May 2019
ලක්ෂ25ක පරිගණක 90ක් සොරාගත් අයෙක් අත්අඩංගුවට කිරුළපන නගරයේ පිහිටා ඇති ආගමික මධ්‍යස්ථානයක ඉගෙනුම ලබන සිසුන්ට බෙදා දීමට ගෙනැවිත් තිබූ ලක්ෂ 25කට අධික වටිනාකමින් යුතු ටැබ් පරිගණක යන්ත්‍ර 90ක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. 28 May 2019
වීසා නොමැතිව රැදී සිටි නයිජීරියානුවෙකු අල්ලයි වීසා බලපත්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල - මාගාල්ල මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 28 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025