IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරකින් අයෙක් මරුට - 5කට තුවාල

(දයාරත්න ඇඹෝගම)
 
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද(29) මාරගහවැවදී මාර්ගයෙන් ඉවතට පැන ක්‍රොන්ක්‍රීට් බැම්මක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි රාජාංගනය පොලිසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ වවුනියාව බාලවිනයගර් කෝවිලපාරේ පදිංචිව සිටි විජේකුමාර් දනුෂන් නැමති 23 හැවිරිදි පුද්ගලයෙකි.
 
වවුනියාවේ සිට කොළඹ ගුවන් තොටුපළ දක්වා පෞද්ගලික අවශ්‍යතාවයකට ගොස් නැවත එමින් සිටියදී මෙම පුද්ගලයන් ගමන් ගත් වෑන් රථය අනතුරට ලක්ව ඇත.
 
අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන් හයදෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා ම අනතුරින් තුවාල ලබා තිබේ.
 
තුවාලකරුවන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
බරපතල තුවාල ලැබූ පුද්ගලයකු නොච්චියාගම රෝහලේදි මිය ගොස් තිබේ. 
 
රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට - 5කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site