(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කිරුළපන නගරයේ පිහිටා ඇති ආගමික මධ්‍යස්ථානයක ඉගෙනුම ලබන සිසුන්ට බෙදා දීමට ගෙනැවිත් තිබූ ලක්ෂ 25කට අධික වටිනාකමින් යුතු ටැබ් පරිගණක යන්ත්‍ර 90ක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
සොරාගත් පරිගණක පිටකොටුව අලෙවිසැල් දෙකකට විකුණා ඇති බව සැකකරු ප්‍රකාශ කළ බවත්, එම අලෙවිසැල්වල තිබී ටැබ් පරිගණක 60ක් පොලිසිය බාරයට ගත් බවත් පොලිසිය පවසයි.
ඉන් එක් පරිගණකයක වටිනාකම රුපියල් 28,000ක් පමණ වන බවත් සැකකරු එය රුපියල් 8,000 වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.
පරිගණක අලෙවියෙන් සැකකරු උපයාගත් මුදලින් කොටසක් ගෙවා යතුරුපැදියක් මිලදී ගෙන ඇති අතර, සෙසු මුදලින් මහරගම රෝහලකට දානයක් දී ඇති බව අනාවරණය වී ඇත.
ආගමික මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී සීටීවී කැමරා දර්ශන අනුව, කදාන ප්‍රදේශයේ නිවසක රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉතිරි ටැබ් පරිගණක 30 සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ25ක පරිගණක 90ක් සොරාගත් අයෙක් අත්අඩංගුවට