‘පොඩි මැණිකේ’ පීලි පනී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු පොඩි මැණිකේ දුම්රිය අද (26) දහවල් හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැනීමකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 26 May 2019
මුතුකෙළියාව වැවේ ගිලී තරුණයෙක් අතුරුදන් තලාතුඔය මුතුකෙළියාව වැවේ අද (26) දහවල් දිය නෑමට තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. 26 May 2019
කරාපිටිය වෛද්‍යවරු අවදානම් සැත්කමකින් රෝගියකු බේරාගනිති උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය ප්‍රසාරණය වී තිබූ පුද්ගලයෙකුට සැත්කමක් කර එම පුද්ගලයාගේ ජීවිතය බේරගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ. 26 May 2019
හොර සිගරට් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට නිතී විරෝධි ලෙස මෙරට ගෙන්වන ලද සිගරට් අලෙවි කළ වෙළදසැල් හිමිකරුවන් දෙදෙනෙකු සිගරට් 220ක් සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 26 May 2019
එගොඩමල්වල ඝාතනයේ සැකකරු බණ්ඩාරගමින් අත්අඩංගුවට බණ්ඩාරගම විදාගම දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදී රත්නපුර - එගොඩමල්වල නිවසක සිදුවූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 26 May 2019
කිරි පට්ටි උපදේශවරුන් දෛනිකව ඉලක්කයක් සපුරන්න ඕනෑ කිරි පට්ටි උපදේශකවරුන් දෛනිකව කිරි ලීටර් 5000ක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (26) පැවැසීය. 26 May 2019
කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙක් රිමාන්ඩ් රත්නපුර එගොඩ මල්වල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු ඝාතනයකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු ජූනි මස 05 දක්වා බන්ධනාගාර ගත කිරීමට රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත වීරසිංහ මහතා නියෝග කළේය. 26 May 2019
නිධන් හාරන්න ගිය 7 ක් අත්අඩංගුවට හල්දුම්මුල්ල ගිනිගත්ගල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබු උපකරණ සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි. 26 May 2019
ඌවේ ගුරුවරු වර්ජනයකට සැරසෙති ඌව පළාතේ 500කට අධික සියලු ගුරු උපදේශකවරුන් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමේ සූදානමක් පවතින බව ඌව පළාත් ගුරු උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් කරුණාසිරි හෙට්ටිකන්ද මහතා පැවසීය. 26 May 2019
රිය අනතුරකින් තරුණයෙක් මරුට තිස්සමහාරාම නගරයේදී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. 26 May 2019
මාතර සෝදිසියකින් ව්‍යාපාරිකයෝ 4 ක් අත්අඩංගුවට මාතර නගරය තුළ යුද හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී හමුදා නිල ඇඳුම් වලට සමාන කැමා ඇඳුම් තොගයක් හා අරාබි භාෂාව සහිත සැකකටයුතු සංයුක්ත තැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 26 May 2019
කඳුරුවෙල වෙළඳ සංකීර්ණයක ගින්නක් පොළොන්නරුව කඳුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයේ වෙළඳසලක අද (26 ) උදෑසන ගින්නක් හටගත්බව පොළොන්නරුව පොලීසිය කියයි. 26 May 2019
පිහි ඇනුමකින් රෝහල්ගත කළ අයෙක් මිය යයි පවුල් අරවුලක් අතර පිහි පහරක් වැදීමෙන් බරපතල තුවාල සහිතව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 26 May 2019
ඉත්තෑවුන් පහක් සමග අයෙක් අත්අඩංගුවට බංගදෙණිය කුමාරකට්ටුව එලිවිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා ගෙන සිටි ඉත්තෑවුන් 5දෙනෙකු සමග පුද්ගලයෙකු අද (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 25 May 2019
ගුවන් හමුදා ඇඳුමක් මත්තෙගොඩින් හමුවෙයි ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව මත්තේගොඩ නිවාස සංකීර්ණයක් අද (25) දවස පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගුවන් හමුදා ඇඳුමක්, හෙල්මටයක් සහ බඳපටියක් තිබී හමුවූ බව මත්තේගොඩ පොලිසිය පවසයි. 25 May 2019
බුලත් කොටුවේ ගංජාත් වවලා පන්නල - මූකලාන ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස භූමියේ සරුසාරව වගාකර ඇති බුලත් කොටුවක් තුළ ඉතාසූක්ෂම අයුරින් පොලිතින් උරවල ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් (48 හැවිරිදි) සැකපිට අද (25) අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය කියයි. 25 May 2019
ගිනිඅවි-ආයුධ සමග අපරාධ කල්ලියක 4ක් අල්ලයි කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයන් 4 දෙනෙකු ගිනි අවි, අත්බෝම්බ සහ තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පිළියන්දල දම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. 25 May 2019
උඩරට දුම්රිය මාර්ගයේ තරුණයෙකුගේ මළසිරුරක් උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් අද (25) උදෑසන සොයාගත් බව තලවකැලේ පොලීසිය පවසයි. 25 May 2019
දක්ෂිණ අධිවේගය හදන්න ගෙන ලක්ෂ 20 ක යකඩ හොරු අසුවෙති දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකරන ලද යකඩ තොගයක් හා එම මාර්ගය ඉදි කිරීමට තිබූ යකඩ තොගයක් සොරකම් කර ගබඩා කර තිබූ නිවසක් සෝදිසි කිරීමේදී රුපියල් ලක්ෂ 20කට පමණ අධික යකඩ තොගයක් වීරකැටිය පොලීසිය විසින් අද (25) පෙරවරුවේදී සොයා ගෙන තිබේ. 25 May 2019
වත්තල බාලිකාවකින් අලුත් නීතියක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගතා පරීක්ෂණයක් පවත්වා එයට ලකුණු 40 ට වඩා අඩුවෙන් ලබාගත් දරුවන්ට පෞද්ගලික අයැඳුම්කරුවන් සේ විභාගයට පෙනී සිටින්නැයි වත්තල ප්‍රදේශයේ බාලිකා පාසලක පාලනාධිකාරිය කළ බල කිරීමක් නිසා අද (24) එම දරුවන් පිරිසගේ මව්පියන් හා ගුරුවරුන් පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. 24 May 2019
නාරම්මලින් පෙට්‍රල් බෝම්බ 3ක් - හමුදා ඇඳුමක කොටස් හමුවෙයි නාරම්මල පොල්ගහයාය ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අද (24) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පෙට්‍රල් බෝම්බ තුනක්, හමුදා නිල ඇඳුමක කොටස් සහ යතුරු පැදියක අංක තහඩුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි. 24 May 2019
රෙදි වනන්න ගිය කත සිවිලිම කඩා වැටී මරුට මීගොඩ හේනවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහලට යාමට ඉදිකල පිය ගැට පෙළක් තාවකාලික සිවිලිමකින් ආවරණය කර තිබියදී එය මතින් ගොස් රෙදිවැලක් ගැට ගැසීමට ගිය කාන්තාවක් සිවිලිමත් සමග ඇඳ වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (24) මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 24 May 2019
මුහුණු පොතේ ගැටුම්කාරී ප්‍රකාශ පළ කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිටි සැකකරුවකු තවදුරටත් ජුනි මස 7 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(24) නියම කළේය. 24 May 2019
පුද්ගල ඝාතනයකට වසර 37 කට පසු මරණ දඬුවම් අම්බලන්තොට මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑව තුළදී මීට වසර 37කට පෙර 15 හැවිරිදි පිරිමි දරුවෙකුට පොල්ලකින් පහරදී, වස පොවා, බෙල්ල කපා ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 61 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (24) මරණ දඩුවම නියම කළේය. 24 May 2019
කුලියාපිටියේ සැකකරුවන්ගේ හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි කුලියාපිටිය සිංහල මුස්ලිම් ගැටුම්වලට අදාළව වෙළඳසල්වලට අලාභ සිදු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 7 දෙනෙකු වෙනුවෙන් නියම කර තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳුදා (28) තෙක් කල් තැබීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියම කළාය. 24 May 2019
මැක්කන් බෝවීමෙන් පාසලක පන්ති කාමරයක් වහයි නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයට මැක්කන් විශේෂයක් බෝවීමෙන් අද (24) එහි පන්ති කාමරයක් තාවකාලිකව වසා දැමූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක පී. නරේන්ද්රකුමාර් මහතා පැවසීය. 24 May 2019
පන්නලින් ඇමෝනියා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ් පන්නල බම්මන්න ප්‍රදේශයේ දී යුද හමුදාව හා පොලිසිය විසින් සොයා ගත් ඇමෝනියා තොගයේ හිමිකරු බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද (24) නියම කළාය. 24 May 2019
ටිපරයකට යට වී යාචක කතක් මරුට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට යට වී යාචක කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 24 May 2019
එකම විදුහලට ලොක්කන් දෙන්නෙක් අල්ලස් මුදලක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙයියන්දර ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා ඇප පිට නිදහස් වීමෙන් පසුව අද එම විදුහලේම නැවත සේවයට වාර්තා කිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 24 May 2019
ප්‍රා. සබා මන්ත්‍රීවරයකුගේ නිවසකට ප්‍රහාරයක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරුමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය කියයි. 24 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025