IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුද්ගල ඝාතනයකට වසර 37 කට පසු මරණ දඬුවම්

(දිලීප් ජයසේකර)
 
අම්බලන්තොට මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑව තුළදී මීට වසර 37කට පෙර  15 හැවිරිදි පිරිමි දරුවෙකුට පොල්ලකින් පහරදී, වස පොවා, බෙල්ල කපා ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 61 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (24) මරණ දඩුවම නියම කළේය.
 
මෙලෙස මරණ දඩුවම නියම වුයේ අදුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචි සය දරු පියෙකු වු ජයසේකර විදානපතිරණගේ පියදාස හෙවත් කදිරා නැමැත්තාටය.
 
1982.03.11 වන දින මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑ ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු සමග විහාරගල, සුරියවැව පදිංචිව සිටි 15 හැවිරිදි ඇල්ලෙවෙල පහළගේ විමල් වීරසිංහ නැමති අය ඝාතනය කිරීමේ වරදට වරදකරු බවට පත් විය.
 
සැකකරුට වයස අවුරුදු 24 දී මෙම ඝාතනය සිදු කර ඇත්තේ තවත් පුද්ගලයෙකුගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ අම්බලන්තොට පොලීසිය මිනීමැරීම සදහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා, මරණ දඩුවම හිමි වූ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
 
අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 2000 වසරේදී මිනි මැරීමේ චෝදනා යටතේ හම්බන්තොට මහාධිකරණයේ නඩු පැවරීම සිදුකර ඇත.

නඩු විභාගය පැවැත්වෙන අතරවාරයේ මෙම මිනීමැරුම සදහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන පුද්ගලයා මිය ගොස් තිබේ. පසුව ඉතිරි සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පැවති අතර එහිදී 03 සහ 04 යන චුදිතයින් අදාල චෝදනාවලින් නිදොස්කර නිදහස් කෙරුණු අතර 02 වන චුදිත වු අදුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචි සය දරු පියෙකු වු ජයසේකර විදානපතිරණගේ පියදාස හෙවත් කදිරා නැමැත්තාට මහාධිකරණ විනිසුරු වරයා මරණ දඩුවම නියම කෙරුණි. ඒ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙනි.

 
විත්ති කරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණ හමුවේ පවරා තිබූ නඩු විභාගය අවසන් කරමින් 03 හා 04 යන විත්තිකරුවන් අදාළ චෝදනාවෙන් නිදොස් කර නිදහස් කෙරුණු අතර 02 වන විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනය නිමය කළ හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විත්තිකරු ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී වේලාවකදී ගෙළ වැළලා මරණයට පත් කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් එහි සිරකර තබන ලෙසට නියෝග කෙරුණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීනිතීඥ ගයාන් ලක්රුවන් පෙරේරා මහතා පෙනි සිටියේය.



අදහස් (0)

පුද්ගල ඝාතනයකට වසර 37 කට පසු මරණ දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site