(බිඟුන් මේනක ගමගේ)
අල්ලස් මුදලක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙයියන්දර ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා ඇප පිට නිදහස් වීමෙන් පසුව අද එම විදුහලේම නැවත සේවයට වාර්තා කිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
අල්ලස් නඩුව හේතුවෙන් සැකකාර විදුහල්පතිවරයා පසුගිය මාර්තු 19 වැනිදා දක්වා අනිවාර්ය නිවාඩු යවා ඇතත් ඉන්පසු කාලයේදී සේවා ස්ථානගත කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුව නැති බැවින් ඔහු මෙසේ සේවයට වාර්තා කළේ යැයි ද ඉන්පසුව තමා අධ්‍යාපන බලධාරින්ගෙන් උපදෙස් පැතීමෙන් පසු හෙට (24) සිට ඔහු මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන්නැයි ලිඛිත නියෝගයක් නිකුත් කරන බව පැවැසී යැයි ද දෙයියන්දර ජාතික පාසලේ වැඩ බලන විදුහල්පති ආර්.ජී ආරියරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. අමරසේන නමැති සැකකාර හිටපු විදුහල්පතිවරයා අද (23) දිනයේදී සාමාන්‍ය පරිදි පාසලට ඇතුළු වී රාජකාරියට වාර්තා කිරීමේ අත්සන යොදා තිබුණේ යැයි ද තමා ඒ ගැන දැනගැනීමෙන් පසුව ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යන නිලධාරීන් තිදෙනාගෙන්ම නීතිමය උපදෙස් පැතී යැයි ද වැඩ බලන විදුහල්පති ආරියරත්න මහතා කීය.
දුරකථන ඇමතුම් මගින් මෙම උපදෙස් පැතීම් සිදුවන අවස්ථාව වනවිටත් හිටපු විදුහල්පති ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. අමරසේන මහතා විදුහලේ රැඳී සිටියේ යැයි ද ආරියරත්න මහතා පැවසීය.
අල්ලස් වැරැද්දකට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු කටයුත්තක් සිදුවද්දී අදාළ රාජ්‍ය සේවකයා වැඩ තහනමට ලක් විය යුතු වුවත් සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අදාළ ආයතනික පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ‘ලංකාදීප’යට පැවැසීය.
සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව අවශ්‍ය පියවර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය පැහැර හැර ඇතැයි චෝදනා කළ හෙතෙම ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලංකා ගුරු සංගමය පැමිණිලි කළේ යැයි ද කීය.
මේ ගැන අදහස් විමසීමට ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
6 වැනි ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සදහා මවකගෙන් රුපියල් අට දහසක මුදලක් ගනිද්දී සැකකාර විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය මාර්තු 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් ගැනීම සහ එවැනි වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගත් වීම විදුහල්පති ධූරයක් දැරීමට විශේෂ සුදුසු කමක් වශයෙන් ඉදිරි කාලයේ සලකා බැලීමට සිදුවේවි! එවැනි විදුහල්පති වරයෙකු සිටින පාසලේ ළමයින්ට, ගුරු ආචාර්ය මණ්ඩලයට, ඒ ළමුන්ගේ දෙමාපියන්ට, ආඩම්බරයක්! අභිමානයක්!
ඕක මොකද්ද? අගමැතිගත් දෙන්නෙක් හිටියේ ටික දවසකට කලින්........ ඒ මදිවට හිටපු ජනාධිපතිට තාමත් ජනාධිපති කියලයි කියන්නේ වන්දිභට්ටයෝ තවමත්....
මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් නිළධාරීන් ඒ බව අධ්‍යාපන බලධාරීන්ට දන්වා ඇත්නම් මූලික විමර්ශනයක් හෝ විධිමත් විනය ක්‍රියාමාර්ග ගතයුතුයි. අවාසනාවක මහත වර්තමානයේ ආයතන සංග්‍රහයට අනුව පරීක්ෂණ කරන්න දන්නාඅය ඉතාම අඩුයි. හුඟදෙනෙක් තනතුරු ගන්න දඟලනවා මිස සුදුසුකම් ඇතිකර ගැනීමට උනන්දු නැහැ.මෙය කලාප හා පළාත් මට්ටමේ නිළධාරීන්ගේ වැරදි. චුදිත විදුහල්පතිවරයාට අධිකරණයෙන් නිදහස ලැබුනත් විධිමත් විනය පරීක්ෂණයකින් දඬුවම් දිය හැකියි
ඔය මොකක්ද. අගමැතිවරු දෙන්නෙක් හිටියේ
ආයතන සංග්‍රහය අනුව මේ පුද්ගලයාගේ වැඩ තහනම් කර නොතිබීමෙන් හෙළිවන්නේ ජ්‍යෙෂ්ට නිලධාරියා ගෙනුත් මේ පගා කෙළියට අනුබල ලැබෙන බව නොවේද?