IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වත්තල බාලිකාවකින් අලුත් නීතියක්

බිඟුන් මේනක ගමගේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගතා පරීක්ෂණයක් පවත්වා එයට ලකුණු 40 ට වඩා අඩුවෙන් ලබාගත් දරුවන්ට පෞද්ගලික අයැඳුම්කරුවන් සේ විභාගයට පෙනී සිටින්නැයි වත්තල ප්‍රදේශයේ බාලිකා පාසලක පාලනාධිකාරිය කළ බල කිරීමක් නිසා අද (24) එම දරුවන් පිරිසගේ මව්පියන් හා ගුරුවරුන් පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර පෙළ විභාග සමතුන්ගේ ප්‍රතිශතය ඉහළ දැමීමේ අරමුණෙන් මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙන බව එහි පාලනාධිකාරිය තමන්ට කී බවත් ඒ අනුව අදාළ පෙරහුරු විභාගයේ ලකුණු 40 මට්ටමට අඩුවෙන් ගත් සිය දරුවන්ගේ අ.පො.ස උසස් පෙළ විභාගයේ අපේක්ෂක අයැදුම්පත් පාසල හරහා විභාග දෙපාර්තමේන්තුවට යොමුකිරීම ප්‍රතික්ෂේප කළ බවත් මෙම සිද්ධියට මුහුණ පෑ මව්පියෝ පිරිසක් ‘ලංකාදීප’ යට පැවසූහ.

මෙම බාලිකා පාසලේ පසුගිය දිනෙක පැවැත්වූ ගුරු දෙගුරු රැස්වීමකින් පසුව එහි විදුහල්පතිනියගේ මගපෙන්වීම මත පසුගිය 22 (පෙරේදා) අදාළ අභියෝගතා පරීක්ෂණය පැවැත් වූ බවත් එහි ප්‍රතිඵල ඊයේ (23) ලබා දීමෙන් පසු මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බවත් එක් ශිෂ්‍යාවකගේ පියෙක් පැවසීය.

අඩු ලකුණු ලබාගත් ශිෂ්‍යාවන්ට පෞද්ගලික අයැදුම්කරුවන් සේ පෙනී සිටින්නැයි පාසලකින් නියෝග කරන්නේ කවර නීතියක් යටතේ දැයි තමා ප්‍රශ්න කළ බවත් ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් ඇතැයි එහිදී ගුරුවරුන් කීප දෙනෙකුම පැවැසූ බවත් ඔහු කීය.

මෙම අවස්ථාවේදී සිසුවියන් හා මව්පියන් හඬාවැටෙමින් එසේ නොකරන්නැයි ආයාචනා කළ නමුත් පාලනාධිකාරිය ඊට කන්දුන්නේ නැති බවට එම පියා චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ බාලිකා පාසලේ උප විදුහල්පතිවරයා සිදුවීම සත්‍ය බව පිළිගන්නා නමුත් එසේ කළේ සිසුවියන් උසස් පෙළ විභාගයට උනන්දු කිරීමට මිස අසාධාරණයක් කිරීමේ අදහසින් නොවන බව කීවේය.

පාසල් දරුවන්ගේ විෂය ප්‍රවීණතාව මත ඔවුන්ට පෞද්ගලික අයැදුම්කරුවන් සේ රජයේ විභාගවලට ඉදිරිපත් වන්නැයි නිර්දේශ කිරීමට කිසිදු නීතිමය පදනමක් නැති බව පිළිගත් හෙතෙම මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සමඟ සාකච්ඡා කර විසඳුමක් දෙන බව අවධාරණය කළේය.



අදහස් (0)

වත්තල බාලිකාවකින් අලුත් නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32286 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14781 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 363 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site