(මනෝජ් හර්ෂික)
කිරි පට්ටි උපදේශකවරුන් දෛනිකව කිරි ලීටර් 5000ක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (26) පැවැසීය.
තමන් මීට පෙර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය හි අමාත්‍යවරයාව සිටිය දී මිල්කෝ ජාතික කිරි මණ්ඩලය දෛනික කිරි එක්රැස් කිරීම ලීටර් 340,000 ඉක්මවූ බවත් පසුගිය වර්ෂයේ එය 150,000 දක්වා අඩුවීම පිළිබඳව තමන් කනගාටුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ පැවති කිරි එක්රැස් කිරීමේ උපදේශකවරුන්ගේ මාසික ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
දේශීය කිරි උපයෝගී කරගනිමින් නිෂ්පාදිත මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන මේ වන විට පාරිභෝගිකයන් අතර ඉතා ඉහළ අගයක අලෙවියක් පවතින බවත් ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුව ලබාදීමේ වැඩසටහන ද මෙම ආයතනය තුළින් ක්‍රියාත්මක වන බැවින් දෛනික කිරි එක්රැස් කිරීම තීව්‍රර කළ යුතු බව අමාත්‍යවරයා පැවැසීය.
මිල්කෝ ආයතනය යටතේ අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව, දිගන ශාලාව, පොළොන්නරුව හා කොළඹ කිරි කර්මාන්තශාලා සඳහා දෛනික කිරි අවශ්‍යතාව ලීටර 450,000 ක් ඉක්මවන බවත් තමන් මැදිහත්ව මාසිකව ප්‍රගතිය සොයා බැලීම හා නිරීක්ෂණය ඉදිරියට ද සිදු කරමින් ආයතනය දියුණු කිරීම මෙන්ම රටේ ජනතාවට පෝෂණ තත්ත්වය ඉහළ දැමීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.
ඉදිරියේ දී මෙම නිෂ්පාදන වඩා ආකර්ෂණීයව ජනතාවට දීමට කටයුතු යොදන බවත් ගම්පහ බඩල්ගම නව කිරි කර්මාන්තශාලාව ඉදිරි මාස කීපය තුළ ජනතා අයිතියට පත් කළ හැකි බවත් ඒ සමඟ මිල්කෝ දෛනික කිරි අවශ්‍යතාවය ලක්ෂ 7 දක්වා වැඩිවනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිරි පට්ටි උපදේශවරුන් දෛනිකව ඉලක්කයක් සපුරන්න ඕනෑ