IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැක්කන් බෝවීමෙන් පාසලක පන්ති කාමරයක් වහයි

(රංජිත් රාජපක්ෂ)
                        

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයට මැක්කන් විශේෂයක් බෝවීමෙන් අද (24) එහි පන්ති කාමරයක් තාවකාලිකව වසා දැමූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක පී. නරේන්ද්‍රකුමාර් මහතා පැවසීය.

එම විදුහලේ 7 වසරේ  පන්ති කාමරය තුළ ගේ කුරුල්ලන් විශාල වශයෙන් කූඩු බැඳ ඇති බවත්, එම කුරුල්ලන්ගෙන් බෝ වූ මැක්කන් පන්ති කාමරය තුළ වූ ඩෙස් පුටුවල සහ බිත්තිවලට බෝ වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මැක්කන් විශේෂය නිසා එම පන්ති කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් 43 දෙනෙකුගෙන් 21 දෙනෙකු අසාදනය වී අද උදෑසන කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම සිසුන් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කීය.

පන්ති කාමරය තුළ බෝ වී ඇති මැක්කන් විශේෂය විනාශ කිරීම සඳහා කෘමිනාශක දියරයක් හෙට (25) ඉසීමට කටයුතු කර ඇති බවත්, ඉන් පසු පන්ති කාමරය පරීක්ෂා කර බලා ලබන 27 වැනි දා විවෘත කිරීමට කටයුතු කරන බවත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

මැක්කන් බෝවීමෙන් පාසලක පන්ති කාමරයක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site