(ප‍්‍රභාත් නෙත්තසිංහ)
නාරම්මල පොල්ගහයාය ප‍්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අද (24) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පෙට‍්‍රල් බෝම්බ තුනක්, හමුදා නිල ඇඳුමක කොටස් සහ යතුරු පැදියක අංක තහඩුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
පෙට‍්‍රල් බෝම්බ තුනක් සහ යුද හමුදා නිල ඇඳුම් කොටස් සොයාගන්නා ලද්දේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාරම්මල ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුගේ නිවසේ තිබියදී බව පොලිසිය පැවැසීය.
මේ සම්බන්ධයෙන් එම අපේක්ෂකයා සහ ඔහුගේ පුත‍්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අසල නිවසක තරුණයෙකුගේ ජංගම දුරකතනයක පසුගිය 13 වෙනිදා සිදුවූ කෝලාහලයේ ෙවීඩියෝ දර්ශණ අඩංගුව තිබීම හේතුවෙන් එම තරුණයාද පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර හොරොම්බාව ප‍්‍රදේශයේ නිවසක් අසල ගෙවත්තක වළ දමා තිබූ සංයුක්ත තැටි 25 ක් ද සොයාගත් බව යුද හමුදාව කියයි. සෝදිසියේදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd