හැටන්-මහනුවර බස් වර්ජනයක් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 24 May 2019
පුත්තලම වාන්කුලම් වැවේ තිබී කඩු - පතොරම් සොයාගනී පුත්තලම වාන්කුලම් වැවේ තිබී කඩු කිපයක් , හිස් පතොරම් තොගයක් සහ තවත් ආයුධ කිහිපයක් යුද හමුදාව හා නාවික හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (23) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි. 23 May 2019
පාර්ලිමේන්තු අවසර පත්‍ර සමඟ අත්අඩංගුවට ගත් තරුණයා යළි රිමාන්ඩ් පසුගිය දා බලන්ගොඩ දී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා ලබන මස 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (23) නියෝග කළේය. 23 May 2019
ලක්ෂයක පරණ යකඩ හොරෙන් විකිණූ ගබඩා භාරකරුවෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ පරණ යකඩ තොගයක සඟවා යකඩ විකුණූ ගබඩා භාරකරුවෙකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි. 23 May 2019
බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටී අයෙක් මරුට නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දී අද (23) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා මාරාවිල රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි. 23 May 2019
පශ්චාද් මරණ පරීක්ෂණයක් නොපවත්වා වළ දැමූ මළ සිරුරක් ගොඩගනී ක්‍රිකට් පිත්තකින් පහර කෑමෙන් බරපතල තුවාල ලබා මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුර පශ්චාද් මරණ පරීක්ෂණයක් නොවපත්වා බටකැන්දර සුසාන භූමියේ මිහිදන් කර තිබියදී කැස්බෑව අධිකරණයේ වැඩෙබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඉදිරියේ අද(23) ගොඩගත් බව පිළියන්දල පොලිසිය කියයි. 23 May 2019
අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය බරපතල තත්ත්වයකට පැමිණ ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නිලාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 23 May 2019
හක් බෙල්ලන් හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදී අද (23) කළ විශේෂ සෝදිසි කිරීමකදී වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි. 23 May 2019
නියගයෙන් පොළොන්නරුවේ පවුල් 1720 ක් පීඩාවට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ දිඹුලාගලයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 10ක වෙසෙන පවුල් 1720 කට අයත් පුද්ගලයෝ 6000ක් පමණ පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඵ්කකය කියයි. 23 May 2019
පන්නල සෝදිසි මෙහෙයුමක දී 4 ක් අත්අඩංගුවට යුද හමුදාව පොලිසිය හා ඒකාබද්ධව පන්නල බම්මන්න ප්‍රදේශයේ දී අද (23) කළ සෝදිසි මෙහෙයුමකදී කඩු, ඇමෝනියා හා විදෙස් ගමන් බලපත් තොගයක් සමඟ සැකකටයුතු භාණ්ඩ රැසක් සමගින් සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 May 2019
හෝමාගම ප්‍රා. සබේ මන්ත්‍රීවරු වීදිබසිති හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලබන පොදුජන පෙරමුණෙහි මන්ත්‍රී කණ්ඩායම අද(23) දහවල් හෝමාගම සතිපොළ අසළ විරෝධතාවයක නිරතවූහ. 23 May 2019
පාතහේවාහැට ප්‍රා.සබේ මන්ත්‍රීවරු කළුපටි පැළඳ එති පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ 14 වැනි මහා රැස්වීම අද (23) තලාතුඔය පිහිටි එම සභා කාර්යාලයේ දී පැවැත්විණි. 23 May 2019
කම්හලක ගින්නකින් කෝටියක කොහුබත් - යන්ත්රසූත්ර විනාශයි වයික්කාල කුලමුල්ල ප්‍රදේශයේ කොහුබත් අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (23) අලුයම හටගත් ගින්නකින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කොහුබත් හා යන්ත්‍ර රැසක් විනාශ වී ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 May 2019
මඩකලපුව විශ්වවිද්‍යාලයට එරෙහිව අන්තරෙන් පැමිණිල්ලක් මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙසට ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (22) උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයට පැමිණ උසස් අධ්‍යාපන අමාත්‍ය අවුෆ් හකීම් මහතා වෙත ලිපියක් බාර දුන්නේය. 22 May 2019
ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ බෝක්කුවක් අසළ ජීව අත් බෝම්බ 2 ක් ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ පියරතන මාවතේ බෝක්කුවක් අසළ තිබී ආරක්ෂක අංශ භාවිතා කරනු ලබන ජීව අත් බෝම්බ දෙකක් අද (22) සොයා ගත් බව පොලීසිය පැවැසීය. 22 May 2019
අම්බලන්තොට ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ විදුලි කණුවක මෝටර් රථයක් ගැටීමෙන් අද (22) අනතුරක් සිදු වී ඇති බව අම්බලන්තොට පොලිසිය පැවැසීය. 22 May 2019
හිටපු සාමාන්‍ය සෙබළෙකු මේජර්ට ඇඳලා මාට්ටු ඌරගස්මංහන්දිය හල්ගහවේල්ල ප්‍රදේශයේදී අද (22) යුද හමුදා මේජර් වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු යුද හමුදා නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඌරගස්මංහන්දිය පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි. 22 May 2019
නීති විරෝධී දුම්වැටි 400 ක් සමඟ අයෙකු අත්අඩංගුවට පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 400 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පැවැසීය. 22 May 2019
බීමතින් රියපැදවූ සලෝචනගේ රියැදුරුට දඩ බීමතින් අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ මහතාගේ රියැදුරුවරයාට රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස කැස්බෑව අතිරේක මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද(22) නියෝග කළාය. 22 May 2019
පාස්කුදා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්වූ පිරිසට පිං පතා සහ තුවාල වූ අයට ඉක්මන් සුවය පතා බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී බෞද්ධ ආගමිත වතාවත් අනුව සපිරකර දක්ෂිණාවක් පවත්වා , මතක වත පුදා පැන්වැඩීම අද (22) සිදු කෙරිණි. 22 May 2019
බසයකට යටවී අයෙක් මරුට ගිනිගත්හේනේ සිටි නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යට වී එක්දරු පියෙකු මියගිය බව නාවලපිටිය පොලිසිය පවසයි. 22 May 2019
වන අලියකු පහර දී අයෙක් මරුට වන අලියෙකුගේ පහරදීමකින් යතුරු පැදියක ගමන්ගනිමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි. 22 May 2019
පාසල් දරුවන්ට බස් නවත්වන්නේ නැතැයි මව්පියෝ උද්ඝෝෂණයක හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථ පාසල් දරුවන් සඳහා නොනවත්වා ධාවනය කරන බව පවසමින් එම දරුවන්ගේ මව්පියන් පුහුලේවැව හන්දියට පැමිණ විරෝධය දැක්වීමෙන් උදෑසන දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 22 May 2019
කැස්බෑවකු මස් කරමින් සිටි ගුවන් හමුදා භටයින් 6ක් අත්අඩංගුවට හික්කඩුව බස් නැවතුම්පොල ඉදිරිපිට මුහුදු වෙරළේ කැස්බෑවෙකු මරමින් සිටි ගුවන් හමුදා භටයින් හය දෙනෙකු හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 May 2019
නිධන් ගැනීමට ගිය 4 ක් බකමූණේදී අත්අඩංගුවට ආහාර නිෂ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමූණ, ඇළහැර කුමාරඇල්ල ප්‍රදේශයේ වසර තුනහමාරක් තිස්සේ නිධන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් වටලා වටලා සැකකරුවන් හත්දෙනෙකු හා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. 22 May 2019
කිතුණු දේවස්ථානයකදී ඉස්ලාම් උපවාසය අත්හරී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මාසයක කාලයක් සම්පූර්ණ වූ අද (21) බදුල්ල ශාන්ත මරියා අසාන දෙව්මැදුරේදි සර්ව ආගමික කතිකාවතක් පැවැත්විණි. 21 May 2019
දේවස්ථානයන්හි විශේෂ දේව මෙහෙයන් පාස්කු ඉරිදා යෙදී තිබූ ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කතෝලික දේවස්ථාන තුනක් කොළඹ තරු පන්තියේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් එල්ල කර අද (21) දිනට මාසයක කාලයක් සම්පූර්ණ විය. 21 May 2019
බන්ධනාගාරයට හෙරොයින් ගෙන යන්න හැදූ දෙදනකු අත්අඩංගුවට බත් පාර්සලයක සෝයා ව්‍යාංජනයක කැබැලි අතර සඟවා හෙරොයින් මත්කුඩු අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ තරුණයකු සහ බත් පාර්සලයක දවටනයෙහි තවරා කුඩු කරන ලද ගංජා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහු අද (21) සමත් වූහ. 21 May 2019
දකුණේ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා රීට් පෙත්සමක් දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා හිටපු ඇමතිවරයෙකු සහ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු කර ඇත. 21 May 2019
අල්ලස් ගත් වෛද්‍යවරයෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස සිතාසි කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයාට හෙට (22) දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය. 21 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025