(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වාන්කුලම් වැවේ තිබී කඩු කිපයක් , හිස් පතොරම් තොගයක් සහ තවත් ආයුධ කිහිපයක් යුද හමුදාව හා නාවික හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (23) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
වාන්කුලම් වැවේ තිබී සොයා ගත් දෑ අතර කඩු තුනක්, බෝර 12 ගිනි අවිවලට යොදන හිස් පතොරම් 60 ක්, එම වර්ගයේම ජීව පතොරම් දෙකක්, නන්චක්කුවක් ඇතුළු දෑ සොයා ගෙන ඇත.
පුත්තලම 143 වන බළසේනාවේ යුද හමුදා නිලධාරීන් හා කල්පිටිය විජය නාවුක කඳවුරේ කිමිදුම් ඒකකයේ කිමිදුම්කරුවන් වාන්කුලම් වැවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අයුධ සොයා ගෙන තිබුණී.
කඩු සහ අනෙක් දෑ කිසියම් පිරිසක් විසින් වැවට ගෙන දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd