(සනත් ගමගේ)
අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ විදුලි කණුවක මෝටර් රථයක් ගැටීමෙන් අද (22) අනතුරක් සිදු වී ඇති බව අම්බලන්තොට පොලිසිය පැවැසීය.
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙස සිට නෝනගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් විදුලි කණුව දෙකට කැඩී වාහනයටද බරපතල තුවාල සිදු වී ඇත.
මෝටර් රථයේ රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
විදුලි කණුවට සිදු වූ බරපතල හානී හේතුවෙන් නෝනගම, එක්කස්ස යන ප්‍රදේශ වල විදුලිය විසන්ධි වූ අතර මාර්ගය හරහා විදුලි රැහන් වැටී තිබූ හෙයින් මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිවිය.
විදුලි බල මණ්ඩලයේ සේවකයින් පැමිණ විදුලිය රැහැන් කපා ඉවත් කිරීමෙන් පසු රථ වාහන ගමනා ගමනයට මාර්ගය විවෘත විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අම්බලන්තොට ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී