(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලබන පොදුජන පෙරමුණෙහි මන්ත්‍රී කණ්ඩායම අද(23) දහවල් හෝමාගම සතිපොළ අසළ විරෝධතාවයක නිරතවූහ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළකරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකරමින් ඔවුහු විරෝධතාවයේ නියැලුණහ.
හෝමාගම සතිපොළෙහි සිට හෝමාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය දක්වා ඔවුහු පාගමනින් පැමිණියහ.
පැයකට ආසන්න කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



(ඡායාරූප - ප්‍රියන්ත ජයලත් සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd