(ඉන්දිකා රාමනායක)
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙසට ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (22) උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයට පැමිණ උසස් අධ්‍යාපන අමාත්‍ය අවුෆ් හකීම් මහතා වෙත ලිපියක් බාර දුන්නේය.ය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය සමග පැමිණි නියෝජිතයෝ පිරිසක් අද පෙරවරු 11.00 ට පමණ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ තමන්ට අමාත්‍යවරයාට ලිපියක් බාරදියු යුතු බවට එහි පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්හ.
ඒ අනුව එහි සිටි පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මහීල් බණ්ඩාර ඇතුලූ නියෝජිතයන් පිරිසක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමතුළට පැමිණ අමාත්‍යවරයා වෙනුවෙන් එහි සිටි ලේකම්වරයකු වෙත මෙම ලිපිය බාර දී දුන්නේය.
රජය යටතේ හෝ පෞද්ගලික අංශය යටතේ හෝ අධ්‍යාපනය ලැබීමට මුදල් අයකරන්නේ නම්, ජාතිය ආගම මත පදනම්ව අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව තීරණය කරන්නේ නම් නම් එය නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය කිරීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
එම විශ්වවිද්‍යාලය වහාම අහෝසි කරන ලෙසත් එසේ නොවුනහොත් අධ්‍යාපනය විකිණීමට එරෙහි බලවේග රාශියක් ඒකරාශි කරගෙන අරගලයක් පැවැත්වීම වැලක්විය නොහැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඩකලපුව විශ්වවිද්‍යාලයට එරෙහිව අන්තරෙන් පැමිණිල්ලක්
janahitha Wednesday, 22 May 2019 04:12 PM
ප්‍රමාදයි නේ.
දිමුත්Thursday, 23 May 2019 05:17 AM
රටේ හදිසි නීති තත්වයක් තිබෙන බව දන්නැද්ද?
shirley Thursday, 23 May 2019 05:09 AM
මෙච්චර කල් කොහෙද හිටියේ