(සම්පත් ප්‍රියනන්දන)
පසුගිය දා බලන්ගොඩ දී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා ලබන මස 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (23) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩීන් නිස්ලාන් නැමැති 27 හැවිරිදි තරුණයෙකි.
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජීව උණ්ඩ සහ තවත් සැකකටයුතු භාණ්ඩ සමඟ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉකුත් මස 27 වැනිදා අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තුන් වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd