(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බීමතින් අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ මහතාගේ රියැදුරුවරයාට රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස කැස්බෑව අතිරේක මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද(22) නියෝග කළාය.
ඊට අමතරව සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස 6කට අත්හිටුවීමටද වැඩිදුරටත් නියෝග කළාය.
මෙසේ දඩ මුදලක් නියමවූයේ මහරගම ගොස්ගමුව පදිංචි ටී.ඩී. ඉන්දු මාධව නැමැත්තාටය.
ඉකුත් 17වැනි දින පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා රාජකාරී අවශ්‍යතාවයක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී සැකකරු විසින් හිටපු මන්ත්‍රීවරයාට අයත් ජීප් රථය අපරීක්ෂාකාරීව මාර්ගයේ ධාවනය කරනු දැක එය නතර කර පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිටින බව පැහැදිලි වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
වාහනයට අයත් ආදායම් බලපත්‍රය ඔහු සතුව නොතිබූ බවත්, ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් සංඛ්‍යාවක් වාහනය තුළ සිටින බව අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
පොලිසිය විසින් 18 වැනි දින ඔහුව ඇප මත මුදාහළ අතර, බීමතින් රිය පැදවීම, අපරීක්ෂා අයුරින් රිය ධාවනය, ආදායම් බලපත්‍රය නොමැතිවීම හා ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙනයාම යන චෝදනාවන්ට අදාළව සැකකරුට එරෙහිව අධිකරණයට වාර්තා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බීමතින් රියපැදවූ සලෝචනගේ රියැදුරුට දඩ