(ඩී.ජි.සුගතපාල සහ ලලිත් චාමින්ද )
හික්කඩුව බස් නැවතුම්පොල ඉදිරිපිට මුහුදු වෙරළේ කැස්බෑවෙකු මරමින් සිටි ගුවන් හමුදා භටයින් හය දෙනෙකු හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රි 11.30 ට පමණ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ රාජ්‍ය වෙසක් උත්සවය පැවති තෙල්වත්ත රත්පත් විහාරස්ථානයේ අලුත්වැඩියා කටුයුතු කිරීමට මෙම ගුවන් හමුදා භටයින් හය දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණ ඇති බවයි.
අම්පාර, බිබිල, වේයන්ගොඩ, හෙට්ටිපොල, බෙලිඅත්ත,සහ හසලක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් අද (22)ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක හමුදා කිව්වට අහිංසක කැස්බෑවකුටවත් කිසිම බේරුමක් නැහැ වගේ.
මෙන්න අපේ රණවිරුවෝ හිරේ දානෝ...