(චන්දන ප්‍රනාන්දු)
වයික්කාල කුලමුල්ල ප්‍රදේශයේ කොහුබත් අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (23) අලුයම හටගත් ගින්නකින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කොහුබත් හා යන්ත්‍ර රැසක් විනාශ වී ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
එහි නවාතැන් ගෙන සිටි සේවකයන් කර්මාන්තශලාවේ පිපුරුම් ශබ්දයක් සමග ඇති වූ ගින්නක් දැක පොලිසියට දැනුම් දී තිබිණි.
වෙන්නප්පුව ප්‍රදේශයේ ගිනි නිවීම් ඒකකයක් නොමැති හෙයින් කිලෝමීටර් 15 ක් දුර තිබෙන මීගමුව මහනගර සභා ගිනි නිවීම් ඒකකය එහි කැඳවා ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ වතුර බවුසරය ගෙන්වා ගෙන සේවකයන් හා පොලිස් නිලධාරීන් අසල්වාසීන් එක්ව ගින්න නිවීමට උත්සහ කළද කොහුබත් විනාශ වී ඇත.
ගින්නෙන් කර්මාන්තශාලාවේ අපනයනය සඳහා සකස් කර තිබූ කොහුබත් නිෂ්පාදන අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd