(තිලකරත්න දිසානායක)
ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ පියරතන මාවතේ බෝක්කුවක් අසළ තිබී ආරක්ෂක අංශ භාවිතා කරනු ලබන ජීව අත් බෝම්බ දෙකක් අද (22) සොයා ගත් බව පොලීසිය පැවැසීය.
පියරතන මාවතෙහි ගමන් ගනිමින් සිටි කාන්තාවක් බෝක්කුව පසෙක රවුම් හැඩැති යමක් තිබෙනු දැක එය මාර්ගයේ ගමන් ගත් තරුණයෙකුට පෙන්වා ඇති අතර ඔහුට ඇතිවූ සැකය මත යක්කල පොලිසියට දැනුම්දී ඇත.
බෝක්කුව අසළ සිදුකළ පරීක්ෂාවේදී එහි අනෙක් පසෙහිද තිබී තවත් බෝම්බයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd