IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් දරුවන්ට බස් නවත්වන්නේ නැතැයි මව්පියෝ උද්ඝෝෂණයක

( පැතුම් දර්ශන)
 

හොරොව්පතාන  කපුගොල්ලෑව මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථ  පාසල් දරුවන් සඳහා නොනවත්වා ධාවනය කරන බව පවසමින් එම දරුවන්ගේ මව්පියන්  පුහුලේවැව හන්දියට පැමිණ විරෝධය දැක්වීමෙන්  උදෑසන දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
 
හොරොව්පොතාන ඩිපෝ අධිකාරීවරයාද ඒ මොහොතේ එම ස්ථානයට පැමිණීමත් සමඟ දෙමව්පියන් ඔහුට දැඩි විරෝධයක් එල්ල කළ අතර ඩිපෝ අධිකාරීවරයා සහ දෙමව්පියන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
 
දෙමව්පියන් චෝදනා කළේ ආරක්ෂිත හේතුන් බව පවසමින් දින ගනනාවක සිට තම දරුවන්ට මෙම අසාධාරණය සිදු වන බව ය. පුහුලේවැව,කටුවරගොල්ලැව,නෙලූගොල්ලැව,කොන්ගොල්ලෑව, යන ප්‍රදේශවල දරුවෝ මේ හේතුවෙන් පීඩා විදිති.
 
 හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ හොරොව්පොතාන ඩිපෝවට අයත් බස්රථ හතරක් ධාවනය වන බවත් සෑම දිනකම එම බස් රථවල රියැදුරන් පුහුලේ වැව සහ රළපනෑව යන මංසන්ධි වලදී නොනවත්වා ධාවනය කරන බවත් චෝදනා කළ මව්පියන්  වැඩිදුරටත් පැවසුවේ තම දරුවන්ට දින හතරක් පාසල් යාමට නොහැකි වූ බව ය.
 
 මව්පියන්  සහ ඩිපෝ අධිකාරිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු  ඩිපෝ අධිකාරිවරයා පොරොන්දු වූයේ ඉදිරියේදී සෑම දිනකම රළපනාව හන්දිය දක්වා පාසල් දරුවන්  ප්‍රවාහනය කිරීමට වෙනම බස් රථයක් ලබා දෙන බවට ය.



අදහස් (0)

පාසල් දරුවන්ට බස් නවත්වන්නේ නැතැයි මව්පියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site