(ඔගස්ටින් ප්‍රනාන්දු)
නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දී අද (23) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා මාරාවිල රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ඇතුන්ගහකොටුව දිවුරුම් පොල කොළණියේ පදිංචි අර්විදා උම්මා නැමැති 62 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම ගම්මානයේම පදිංචි මොහොමඩ් සෆ්රාස් මොහොමඩ් හසීම් සහ ෆාතිමා සප්නා නැමැති අයයි.
අනතුරට පත් බසය කුලියාපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇති අතර ත්‍රීවිල් රථය නාත්තන්ඩිය සිට ඇතුන්ගහකොටුව දෙසට ගමන් කරමින් සිටි ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd