IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හැටන්-මහනුවර බස් වර්ජනයක්

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ගමන් කර මගින් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළත් නොකර එම බස් රථ නතර කිරිම සදහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගින් ආවරණයක් නොමැතිව  වෙනම ස්ථානයක් වෙන් කර ඇත.

එයට විරෝධය නගමින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

එම මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන් වාර 67ක් ධාවනය වේ.

නාවලපිටියේ සිට හැටන් දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් දිනපතා ධාවනය වන අතර එම බස් රථවලට හැටන් බස් ලංගම සහ පෞද්ගලික බස් නැවැතුම්පොළ වලට  ඇතුළුවීමට හැටන් බස් නැවතුම්පොළේ ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා දුන්නේද නැත.

හැටන් බස් නැවතුම්පොළේ සිට මහනුවර දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථහිමියන් පවනුයේ මෙතෙක් කල් එම මාර්ගයේ ධාවනය  කළ  බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළේ නාතර කර මගින් නංවා ගත් බවත්, පැරණි ක්‍රමයටම තවදුරටත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලුම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පළෙට ඇතුලු කර මගින් නංවා ගැනිමට අවස්තාව ලබාදෙන ලෙසයි.

එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය කරවන පෞද්ගලික නැවතුම්පොළේ නිලධාරීහු පැවසූහ.

 

 



අදහස් (0)

හැටන්-මහනුවර බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site