IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිධන් ගැනීමට ගිය 4 ක් බකමූණේදී අත්අඩංගුවට

 (කාංචන කුමාර ආරියදාස)
 

ආහාර නිෂ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමූණ, ඇළහැර කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුනහමාරක් තිස්සේ  නිධන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක්  වටලා වටලා සැකකරුවන් හත්දෙනෙකු  හා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

 දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ  මෙම වැටලීම සිදු කර ඇත.

වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී  ඇතැම්  රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ  විශාල කළුගලක් බිඳ අඩි හැටක පමණ ගැඹුරට දෝනාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
 
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට යන විටත් එහි සේවකයන්  විශාල කළු ගලින් සැදුණු මහ පොළොව යට උමගයක්  තුළ වැඩ කරමින්  සිටියේය.
 
 අත්අඩංගුවට පත්වූවන්  අනුරාධපුර ,කිතුල්ගල , නිවිතිගල ,රත්නපුර හා ඇලහැර  ආදී ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ස්ථානය වැටලීම සමඟ එහි සිටි එක් සැකකරුවෙකු දෙමහල් නිවසක් තුළ වැසිකිළියක  පැය හතරක කාලයක් සැගවී සිටියදී  පසුව සොයා  ගැනිනි.
 
ඔවුන් සතුව තිබී ගල් විඳීමට ගන්නා   අවි ආයුධ ගල් පුපුරවා හැරීම සඳහා උපයෝගී කරගන්නා වෙඩිබෙහෙත් අදාළ  වයර් පහන් පූජා භාණ්ඩ  ආදී භාණ්ඩ රැසක් සොයාගත් බව පොලිසිය කියයි.
 
රාජ්‍ය ලාංඡනය ඇතිව ආහාර සැකසුම් කලාපයක් ලෙස දැන්වීම් පුවරු  ප්‍රදර්ශනය කොට  වෙනත් අයකුට ඇතුළුවීම තහනම් යනුවෙන් දැන්වීම් සවිකර රජයේ ඉඩමක මෙම ආයතනය පවත්වාගෙන යන මුවාවෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ.
 
ප්‍රදේශවාසීන් බකමූණ පොලිසියට පුරාවිද්‍යා අංශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට දැනුම් දුන්න ද එයින් කිසිදු පලක්  නොවූ  බවත් ප්‍රදේශවාසීන්ට දැඩි තර්ජන එල්ල කරමින් මෙය ක්‍රියාත්මක කිරීම සිදුකරන බවත්  පවසමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්.බි . එම් . ජේ .එස්. බණ්ඩාර මහතාට දැනුම් දීමෙන් පසු මෙම වැටලීම සිදු  කර තබේ.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කෙන් ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂාකිරීමේදී මෙම ජාවාරමේ   සිටින රජයේ නිලධාරීන් ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නම් හෙළිවී ඇතැයි පොලීසිය කියයි. ඒ අනුව ජාවාරම්කරුවන් අතර පැවැති දුරකථන සංවාද රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය  භාරයට  ගැනිණි. ඒවාට සවන්දීමේදී  එහිදී පුරාවිද්‍යා නිලධාරීන්ගේ නම් පොලිසියෙ නම්  සහ උසස් නිලධාරීන් රැසකගේ නම් හෙළි  විය.
 
එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ මෙම කණ්ඩායම තවත් නිදනයක් ලබා ගත් ආකාරයද දුරකථන සංවාදවල දී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටී.
 
බකමූණ කුමාරඇල්ල පුරාවිද්‍යා රක්ෂිතය පැරණි අතීතයේ සිට බෞද්ධ සිද්ධස්ථාන රැසක් පැවති ස්ථානයකි.පොලිසිය සැකකරුවන් හත් දෙනා සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යෑමට සූදානම් වෙද්දී ප්‍රදේශවාසීහු මෙම ජාවාරම් කරුවන්ට දැඩි විරෝධය එල්ල කරමින් හූ හඬ දෙන්නට වූහ.

සැකකරුවන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බකමුණ පොලිසියට භාරදීමට නියමිතය .



අදහස් (0)

නිධන් ගැනීමට ගිය 4 ක් බකමූණේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site