ආයුධ සහ රන්මාලයක් සමග සැකකරුවකු අල්ලයි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන ජීව පතුරම් එකක් සහ රුපියල් 54000ක් වටිනා රන් මාලයක් සමග අද (18) අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි. 18 May 2019
හිඟුරක්ගොඩ දේවස්ථානය වෙසක් කූඩුවලින් සරසයි හිඟුරක්ගොඩ ක්‍රිස්තු රාජාණන්ගේ කතෝලික දේවස්ථානයේ ආගමික සංහිඳියාවට මුල්තැන දෙමින් ඉතිහාසයේ පළමු වතාවට කුරුසය සහ ධර්ම චක්‍රය සහිතව වෙසක් කූඩු දේවස්ථානය පුරා අද (18) වෙසක් උත්සවය වෙනුවෙන් තරුණ සමිතියේ දරුවන් එක්ව වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ ක්‍රිස්තු රාජාණන්ගේ කතෝලික දේවස්ථානයේ ගරු ජූඩ් සපරමාදු මීසම් සේවක පියතුමා කියයි. 18 May 2019
දඹුල්ලට බැතිමතුන්ගේ පැමිණීම අඩුවෙයි දඹුල්ල නගරයේ වෙසක් සැරසිලිවලින් පිරීගියද, අද වෙසක් පුන් පොහෝ දින (18) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල බැතිමතුන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබිණි. 18 May 2019
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මරුට හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේදී ඊයේ (17)රාත්‍රීයේදී වන අලියකු පහරදී පුද්ගලයකු මරා දමා ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 18 May 2019
එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක් සමග ඇටසැකිලි කොටස් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් යුද හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි මුහුදු තීරය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදු කරන ලද කැනීමකදී එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් සමග අත්බෝම්බ 2ක් අද (18) අළුයම හමු වී ඇති බවට මුලතිව් පොලීසිය පවසයි. 18 May 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් බගවන්තලාව පොලිසිය විසින් ඊයේ (17) රාත්‍රියේ සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. 18 May 2019
පොහෝ දින වැඩි මිලට අලෙවි කරන්න ගිය මත්පැන් බෝතල් 150ක් අල්ලයි වෙසක් සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මත්පැන් බෝතල් 150 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට ගත් බව හගුරන්කෙක පොලිසිය කියයි. 17 May 2019
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු 21 න් ඇරඹේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි 21,22 හා 27 වන දින ආරම්භ කරනු ලබන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා නිවේදනයක් මගින් දන්වා සිටී. 17 May 2019
පාකිස්තානු ශිෂ්‍යත්ව අයදුම්කිරීමේ කාලය දීර්ඝ කෙරේ ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමන ‘අලාමා ඉක්බාල්’ ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් යොමුකිරීමේ අවසන් දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. 17 May 2019
සත්‍ය ගවේෂකයෝ පොලිසි යති ත්‍රස්තවාදය මැඩලීම සඳහා ආරක්ෂක අංශ සිදුකරන විමර්ශනවලට බාධා කරමින් සිටින බැවින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස් මූලස්ථානය වෙත අද(17) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 17 May 2019
දික්ඔය ඇළට කසළ තේ ගලයි කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා දික්ඔය ඇළ මාර්ගය අසන්නයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් ඉවතලන කසළ තේ දික්ඔය ඇළ මාර්ගයට මුදා හැරීම නිසා එහි ජලය කළු පැහැවී අපවිත්‍රවී ඇතැයි ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරී නුවරඑළිය කාර්යාලයේ නිලධාරීහු පවසති. 17 May 2019
නිකවැරටියේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගනී නිකවැරටිය ගලපිටියාගම ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි කොටස් තොගයක් යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී ගොඩගනු ලැබූ බව පොලිසිය පවසයි. 17 May 2019
මුරුතවල ඇළ මාර්ගයක තිබී ටෙලස්කෝපයක් සොයා ගනී ස්නයිපර් වර්ගයේ ගිනි අවියක දුර බලනය බවට සැකකරන ටෙලස්කෝපයක් කොළඹ මහනුවර මහා මාර්ගය අයිනේ පස්යාල මුරුතවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අද (17) සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 17 May 2019
පස්සරදී සර්ව ආගමික පෙරහැරක් බොදු, ඉස්ලාම්, කිතුනු සහ හින්දු ආගමික ප්‍රධානීන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවද ගමන්ගත් සර්වආගමික පෙරහැරක් පස්සර නගරයේදී අද(17) පැවැත්විණි. 17 May 2019
ත්‍රි‘මලේ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු 22 ඇරඹේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්ඩපයේ 2017/18 අධ්‍යයන වර්ෂයේ සිසුන් හැර අනෙකුත් අධ්‍යයන වර්ෂවල සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු ලබන 22 දා සිට ආරම්භ කරන බව මණ්ඩාධිපති මහාචාර්ය වී. කනකසිංහම් මහතා පැවසීය. 17 May 2019
හෙරොයින් ජාවාරම්කරුවෙකු රළපනාවෙන් අත්අඩංගුවට නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේ දී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයකු අද (17) අලුයම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි. 17 May 2019
ගැටුමකින් අයෙක් මරුට - 2ක් රෝහලේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. 17 May 2019
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා ඇරඹේ කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මඟින් මෙහෙයවනු ලබන 2017 අධ්‍යයන වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ බව කැලණිය විශ්ව විද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ලේඛකාධිකාරිවරයා පැවැසීය. 16 May 2019
බලන්ගොඩ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවෙලා බලන්ගොඩ නගරසභා සීමාවේ ඩෙංගු පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එල්. කේ. ලාලිත කුමාරසිංහ මහතා පවසයි. 16 May 2019
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් පිරිසකට තුවාල ලිඳුල, ෆාමස්ටන් තේ වතුයායේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට අද (16) බඹරු ඇනීමෙන් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 16 May 2019
යතුරුපැදි - ටිපර් රථ අනතුරින් කාන්තාවක් මරුට කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව ලුණුවිල හන්දිය අසලදී අද (16) සිදුවූ ටිපර් රථ හා යතුරුපැදි අනතුරකින් කාන්තාවක මිය ගිය බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 16 May 2019
මෝටර් රථයක තිබී කඩුවක් හමුවේ බදුල්ල මහරෝහල අසළ මෝටර් රථයක ඩිකියේ තිබී නවීන කඩුවක් අද (16) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 16 May 2019
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා ප්‍රතිපාදන මගින් සම්පාදිත මිලියන 35 ක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිවාස ව්‍යාපෘතිය අද (16) ජනතා අයිතියට පත් කෙරිණි. 16 May 2019
දකුණු සබේ හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි ඉල්ලීමක් උද්ගතව පවත්නා තත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. 16 May 2019
දුම්වැටි - දැලිපිහි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දුම්වැටි හා දැලිපිහි තොගයක් සමග අද(16) පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 16 May 2019
කළුගඟෙහි නාඳුනන මළ සිරුරක් බුලත්සිංහල නාරගල කළුගඟෙහි පාවෙමින් තිබු නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (16) හමු වූ බව බුලත්සිංහල පොලිසිය කියයි. 16 May 2019
ඇඳිරිනීතිය බලපත් නැතිව රැකියාවලට ගොස් එන පිරිස් දැඩි අපහසුතාවට ගම්පහ කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ බදාදා (15) රාත්‍රී පොලිස් ස්ථාන දෙකකින් ඇඳිරිනීතිය අවස්ථාවේ ගමන් කළ හැකි බලපත්‍ර ලබා නොදීම නිසා රාජකාරීවලට ගොස් එමින් සිටි පිරිස් දැඩි අපහසුතාවට ලක්වූහ. 16 May 2019
දඹුල්ලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බ 3ක් දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ 3ක් අද(16) සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 16 May 2019
බේරුවල කසළ ගොඩක බෝර -12 ජීව උණ්ඩ 5ක් බේරුවල නගරයේ කසළ ගොඩක් අසළ බෑගයක තිබී බෝර -12 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 5 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගත් බව බේරුවල පොලිසිය කියයි. 16 May 2019
පන්සලේ මුදල්-දුරකතනය සොරකම් කළ මව-පුතා අත්අඩංගුවට හොරොව්පතාන ලේවාසසිරිවැව ශ්‍රී බෝධිරාජරාමය විහාරස්ථානයේ සංඝාවාසයට ඇතුළු වී එහි තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදලක් සහ රුපියල් හත්දහසක් වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුත්‍රයෙකු සහ ඒවා සන්තකයේ තබාගත් මවක අද (16) අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 16 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025