(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලිඳුල, ෆාමස්ටන් තේ වතුයායේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට අද (16) බඹරු ඇනීමෙන් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තමන් තේ දළු නෙළමින් සිටි බවත්, තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී බඹරු පහර දුන් බවත් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවෝ පැවසූහ.
තලවාකැලේ පොලීසියේ ස්ථානගත කර ඇති 1990 “සුව සැරිය” හදිසි ගිලන් රථ සේවය මගින් මෙම තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd