(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නිකවැරටිය ගලපිටියාගම ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි කොටස් තොගයක් යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී ගොඩගනු ලැබූ බව පොලිසිය පවසයි.
ගලපිටියාගම ප්‍රදේශයේ ළිඳක ජලය මෝටර් දමා පිරිසිදු කිරීමෙන් පසුව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
සොයා ගත් දෑ අතර ටී 56 ගිනි අවිවලට යොදන මැගසින් දෙකක් හා පතොරම් ද, ඩෙටනේටර් කිහිපයක්, අධිබල පිපිරිම් සඳහා යොදා ගන්නා C - 4 ග්‍රැම් 600 ක් හා තඹ දගර කීපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉතා ආරක්ෂිතව කවර වල බහා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd