චන්දන ප්‍රනාන්දු
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව ලුණුවිල හන්දිය අසලදී අද (16) සිදුවූ ටිපර් රථ හා යතුරුපැදි අනතුරකින් කාන්තාවක මිය ගිය බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උතුරු තොඩුවාවේ පදිංචි ෆාතිමා රෝහිනී නැමැති 36 හැවිරිදි කාන්තාවකි.
මීගමුව දෙස සිට හලාවත දෙසට සිය සැමියා සමඟ යතුරුපැදියක යමින් සිටියදී ඒ දෙසට ගමන් කළ යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇති බව සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පල්ලම පදිංචි 35 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යතුරුපැදි - ටිපර් රථ අනතුරින් කාන්තාවක් මරුට