චන්දන ප්‍රනාන්දු
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව ලුණුවිල හන්දිය අසලදී අද (16) සිදුවූ ටිපර් රථ හා යතුරුපැදි අනතුරකින් කාන්තාවක මිය ගිය බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උතුරු තොඩුවාවේ පදිංචි ෆාතිමා රෝහිනී නැමැති 36 හැවිරිදි කාන්තාවකි.
මීගමුව දෙස සිට හලාවත දෙසට සිය සැමියා සමඟ යතුරුපැදියක යමින් සිටියදී ඒ දෙසට ගමන් කළ යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇති බව සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පල්ලම පදිංචි 35 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd