IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සත්‍ය ගවේෂකයෝ පොලිසි යති

(නිමල කොඩිතුවක්කු)
 
ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා ආරක්ෂක අංශ සිදුකරන විමර්ශනවලට බාධා කරමින් සිටින බැවින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්  සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස් මූලස්ථානය වෙත අද(17)  පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
 
රිෂාද් බදියුදීන් මහතා අමාත්‍යධුරයක් දරමින් ත‍්‍රස්තවාදී සැකකරුවන් මුදා හැරීමට බලපෑම් කර ඇති බවත් එය මෙරට නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බලවත් තර්ජනයක් බවත් සත්‍ය ගවේෂකයේ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රමනාත් දොළවත්ත මහතා පැවැසීය.
 
මෙම ක‍්‍රියාව මගින් ත‍්‍රස්තවාදයට ආධාර අනුබලදීමක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සහ ඔහුගේ වෙනත් ක‍්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.
 
මෙම අවස්ථාව සඳහා සත්‍ය ගවේෂකයෝ සංවිධානය, නීතීඥ නලීන් සමරකෝන්, නීතීඥ සමින්ද කෝනාර යන මහත්වරු ඇතුලු පිරිසක්ද එක් වූහ.
 
 



අදහස් (0)

සත්‍ය ගවේෂකයෝ පොලිසි යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site