(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ස්නයිපර් වර්ගයේ ගිනි අවියක දුර බලනය බවට සැකකරන ටෙලස්කෝපයක් කොළඹ මහනුවර මහා මාර්ගය අයිනේ පස්යාල මුරුතවල ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අද (17) සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මුරුතවල ප‍්‍රදේශවාසීන් වෙසක් උත්සවය නිමිති කරගෙන මාර්ගය දෙපස සැරසිලි කිරීම සදහා මග දෙපස සුද්ද කරද්දී ඇළ මාර්ගයේ තිබී මෙම ටෙලස්කෝපය හමුවීමෙන් පසු පොලිසියට දන්වා ඇත.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කර බලා එය පොලිසියට බාරයට ගනු ලැබීය.
මෙම ටෙලස්කෝපය ළඟ තබාගෙන සිටි කිසිවෙකු වත්මන් සෝදිසි කිරීම් නිසා බියට පත්ව මේ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙය ගෙනවිත් දැමුයේ කවුරුන්ද යන්න හෙළි කර ගැනීම සඳහා ඒ අවට ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd