(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ස්නයිපර් වර්ගයේ ගිනි අවියක දුර බලනය බවට සැකකරන ටෙලස්කෝපයක් කොළඹ මහනුවර මහා මාර්ගය අයිනේ පස්යාල මුරුතවල ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අද (17) සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මුරුතවල ප‍්‍රදේශවාසීන් වෙසක් උත්සවය නිමිති කරගෙන මාර්ගය දෙපස සැරසිලි කිරීම සදහා මග දෙපස සුද්ද කරද්දී ඇළ මාර්ගයේ තිබී මෙම ටෙලස්කෝපය හමුවීමෙන් පසු පොලිසියට දන්වා ඇත.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කර බලා එය පොලිසියට බාරයට ගනු ලැබීය.
මෙම ටෙලස්කෝපය ළඟ තබාගෙන සිටි කිසිවෙකු වත්මන් සෝදිසි කිරීම් නිසා බියට පත්ව මේ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙය ගෙනවිත් දැමුයේ කවුරුන්ද යන්න හෙළි කර ගැනීම සඳහා ඒ අවට ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුරුතවල ඇළ මාර්ගයක තිබී ටෙලස්කෝපයක් සොයා ගනී