ඇඳිරිනීතිය අස්සේ ගස් කපලා ඇඳිරිනීතිය පවතින කාලය තුළ යම් පිරිසක් කොට්ටුකච්චිය ජලාශයේ පාවුල ඇති දැවැන්ත මාර ගස් කැපීමේ ජවාරමක නිරත වී ඇති පුත්තලම දිසා වන නිලධාරී ඩී.එම්.බී. එම් බණ්ඩාර මහතා පැවසීය. 16 May 2019
ආධාර එකතුකළ චීවරධාරියෙක් අත්අඩංගුවට ටිකට්පත් අලෙවි කරමින් ආධාර මුදල් එක්රැස් කරමින් සිටි චීවරධාරියෙකු නෙළුම්කුලම හන්දියේදී අද (15) අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 15 May 2019
ඌව වෙල්ලස්ස සරසවිය 21 වැනිදා ඇරඹේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි මස 21 වැනිදා ආරම්භ කරන බව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය. 15 May 2019
කේරළ ගංජා කිලෝ 78 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 15 May 2019
වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ කැණීම් 19 දා සිට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කි‍්‍රයාත්මක, තිස්සමහාරාම වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමේ කටයුතු මේ මස 19 වැනිදා සිට ආරම්භ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. 15 May 2019
පොලිස් සැරයන්ගේ අත කැපූ අයෙක් අත්අඩංගුවට මාළිගාවත්ත බාරොන් ජයතිලක විදුහල අසළ රාජකාරියේ නියුතුවෙමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ අත කපා බරපතල තුවාල සිදුකර පලායාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි. 15 May 2019
මාදම්පේ කලපුව අසළ උරයක දැමූ මිනිස් ඇටකටු තොගයක් මාදම්පේ මරම්බැට්ටේ ප්‍රදේශයේ කලපුව අසල තිබී පෝර උරයක දමා තිබූ මිනිස් ඇට කටු තොගයක් අද (15) සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 15 May 2019
ශිෂ්‍ය සංගම් නායකයන් නිදහස්කරන්නැයි යාපනය සරසවි සිසුහු විරෝධතාවයක රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුහු අද(15) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 15 May 2019
චෝදනා 9කට වැරදිකරුවකුට 62,000ක දඩයක් බීමත්ව රිය පදවා, ත්‍රිරෝද රථ රියැදුරෙකුට සහ යතුරුපැදිකරුවකුට කඩුවකින් පහරදීමට තැත්කිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකුට රුපියල් 62,000ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(15) නියෝග කළේය. 15 May 2019
බලන්ගොඩ අමුණක ටී - 56 ජීව උණ්ඩ ඇතුළු උණ්ඩ 21ක් බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විකිලිය දඔගහමුල්ල ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබී ටී - 56 ජීව උණ්ඩ ඇතුළු ජීව උණ්ඩ 21ක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 15 May 2019
ඇඳිරියෙන් පසු හලාවත යළි යථා තත්ත්වයට වයඹ පළාත තුළ ක්‍රියාත්මකව පැවැති ඇදිරිනීතිය අද (15) අලුයම ඉවත් කරනු ලැබු පසු සාමාන්‍ය ජන ජිවිතය සුපුරුදු අයුරින් යථා තත්ත්වයට පත්ව තිබු බව හලාවත ප්‍රදේශය පුරා සිදු කළ සංචාරයකින් පසු දැකගත හැකිවිය. 15 May 2019
දුම්රියක ගැටී අලියෙක් මරුට මින්නේරිය ජාතික වනෝද්‍යානයේ විසූ අලියකු අද (15) මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 15 May 2019
නිදන් හෑරූ 7ක් රිමාන්ඩ් ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව හිඟුර ප්‍රදේශයේ ගල් තලාවක ගල්වෙඩි දමා නිධානයක් ගැනීමට සූදානම්ව සිටියදී මඩොල්සිම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හත් දෙදෙනෙකු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියෝග කළේය. 14 May 2019
අයිඑස්අයිඑස් යනු ත්‍රස්තවාදී - අන්තවාදී සංවිධානයක් අයිසීස් යනු මුස්ලිම් ආගමික සංවිධානයක් නොවන බවත් එය ත්‍රස්තවාදී හා අන්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ද ඇමතිවරු ආණ්ඩුවේ සිටිනවානම් ප්‍රසිද්ධියේ ඉවත් කරන ලෙසත් අද (14) ගාල්ල මහ නගර සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් පැවැසූහ. 14 May 2019
සබරගමු සරසවිය 21 වැනිදා ඇරඹේ සබරගමුව විශ්වවිද්‍යලයේ අධ්‍යයන කටයුතු මැයි 21 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය. 14 May 2019
තුෂාරි ගැන දන්නවා නම් කියන්න ජෝර්දානයේ රැකියාව සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන් වූ ඩී.ඩී.තුෂාරි මාලා මහත්මිය පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 14 May 2019
පැමිණිල්ලකට විධිමත් පරීක්ෂණ ඉල්ලා මාතලේ උද්ඝෝෂණයක් රාජකාරි කටයුත්තක නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් කළ පහරදීමක් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විධිමත් පරීක්ෂණයක් නොකර පක්ෂක්ග්රාහීව කටයුතු කළ බව පවසමින් එම ක්‍රියාවට විරුද්ධව අද (14) මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු විරෝධතාවක නිරතවූහ. 14 May 2019
මාධ්‍ය මර්දනයට එරෙහිව ඉමදූව ප්‍රා.සභා විරෝධතා ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සියළුම දෙනා අද (14) ඉමදුව ප්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේ දී වම් අතේ කළුපටි පැළඳ විරෝධය පළ කළහ. 14 May 2019
ඝාතනය කළ කාන්තාවකගේ මළසිරුරක් හමුවේ කරන්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් මහවත්ත දකුණුමාගල නිවසක දී ඝාතනය කර ඇති බවට සැකකරන තිදරු මවකගේ මළ සිරුරක් සොයාගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. 14 May 2019
වන අලියා වී මලු 11 ක් කා නිවස වනසයි කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතගම ගම්මානයට අද (14) අලුයම කඩා වැදුණු වන අලියකු එහි නිවසක බිත්ති තුනක් පෙරළා දමා නිවස තුළ තිබූ වී මලු 11 ක් කා දමා නිවසට ද හානි කර ඇතැයි එම නිවෙස් හිමියෝ පවසති. 14 May 2019
කොච්චිකඩේ පල්ලියේ තිබී ලක්ෂ 4ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ දී මරණයට පත්වූවකුට අයත් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකතනය සොරාගෙන උගස්කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (13) නියෝග කළාය. 13 May 2019
සබරගමු පළාතේ වසර 10 කට වැඩි කාලයක් එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන්ට ස්ථානමාරු එකම පාසලේ වසර 10 කට වැඩි කාලයක් සේවය කළ සබරගමුව පළාතේ විදුහල්පතිවරුන්ට ස්ථානමාරු ලබාදීමට පියවර ගන්නා බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය. 13 May 2019
පයාගල බෝක්කුවක් අසල බෑගයකින් උණ්ඩ තොගයක් හමුවෙයි පයාගල - පොතුවිල පාරේ කුඩා බෝක්කුවක් අසළ කළු පැහැති සැකකටයුතු බෑගයක් තිබෙන බවට පයාගල පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කළ සොයා බැලීමේදී එම බෑගයේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගත් පොලීසිය කියයි. 13 May 2019
දැරියක අපයෝජනය කළ බාප්පාට වසර 45ක සිරදඬුවමක් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ අධි චෝදනා තුනකට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 45ක සිර දඩුවම් නියම කළේය. 13 May 2019
බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ බඹර ඇනීමෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් හය දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 13 May 2019
මැලේරියා යළි පැතිරයාමේ අවදානමක් නිසි පාලනයක් නොකළහොත් මැලේරියා රෝගය මෙරට යළි පැතිරීමේ දැඩි අවදානමක් තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී හේරත් මහතා පැවසීය. 13 May 2019
අත්බෝම්බයක් පාළු ඉඩමකින් හමුවේ ආරක්ෂක අංශ භාවිත කරන අලුත්ම අත් බෝම්බයක් පානදුර කළුදෑවල ආදර්ශ මාවතේ පාළු ඉඩමක තිබී අද(13) හමු වූ බව පානදුර දකුණ පොලිසිය කියයි. 13 May 2019
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු යතුරුපැදියකින් ප්‍රවාහනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 13 May 2019
ඉන්ධන දුම්රිය පීලි පනී කොළොන්නාව සිට අනුරාධපුරය දක්වා ඉන්ධන රැගෙන පැමිණෙමින් තිබූ අංක 4497 දරන ඉන්ධන දුම්රිය ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද(13) අලුයම 4.55 ට පමණ පීලි පැන තිබේ. 13 May 2019
දකුණු පළාතට දෙමළ ගුරුවරුන් 314ක් බඳවා ගැනීමට යයි දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බඳවා ගැනීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. 13 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025