චෝදනා 9කට වැරදිකරුවකුට 62,000ක දඩයක්
බීමත්ව රිය පදවා, ත්රිරෝද රථ රියැදුරෙකුට සහ යතුරුපැදිකරුවකුට කඩුවකින් පහරදීමට තැත්කිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකුට රුපියල් 62,000ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා අද(15) නියෝග කළේය.