(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ මරම්බැට්ටේ ප්‍රදේශයේ කලපුව අසල තිබී පෝර උරයක දමා තිබූ මිනිස් ඇට කටු තොගයක් අද (15) සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
කිසියම් සැකකටයුතු පෝර උරයක් කලපුව අසල කසළ ගොඩක ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලූවිට මෙම පෝර උරය සමඟ ඇට කටු හමුවූ බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම පෝර උරය කිසිවකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමූ බවට පොලිසිය සැක පළකරයි.
වෛද්‍ය සිසුවෙකු සිය අධ්‍යයන කටයුතු පිණිස භාවිත කිරීමට මෙම මිනිස් ඇට කටු යොදා ගැනීමට ඇති බවට සැකයක් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාදම්පේ කලපුව අසළ උරයක දැමූ මිනිස් ඇටකටු තොගයක්