(නිශාන්ත කුමාර)
ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව හිඟුර ප්‍රදේශයේ ගල් තලාවක ගල්වෙඩි දමා නිධානයක් ගැනීමට සූදානම්ව සිටියදී මඩොල්සිම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හත්දෙදෙනෙකු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියෝග කළේය.
මීළඟ උසාවි දිනයට සැකකරුවන් විසින් විනාශකරන ලද ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රක්ෂීත බන්ධනාගාර ගත කරන ලද්දේ මඩුගස්තලාව හිඟුර සහ කහටරුප්ප ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 23 -54 වයස්වල පසුවන පුද්ගලයින් හත් දෙනෙකි.
සැක සහිත පිරිසක් ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව මීගොන් වැටෙන බොක්කට පහලින් වූ ගල්තලාවක් ආසන්නයේ ගැවසෙන බවට මඩොල්සිම පොලිසිය වෙත ලද තොරතුරක් මත එහි ගිය මඩොල්සිම පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීම් සිදුකර සැකකරුවන් හා ඔවුන් සතුව තිබූ උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබූ ඉල්ලංකූරක් ,කුළුගෙඩි දෙකක් , පුවක් මල් , පහන් ඇතුළු භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ ගල් වෙඩි හතරක් පුපුරුවා හැර තිබූ අතර එම ගලෙහි කොටන ලද නාග රූපයකටද දැඩි හානි සිදු කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd