IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිදන් හෑරූ 7ක් රිමාන්ඩ්

 (නිශාන්ත කුමාර)

ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව හිඟුර ප්‍රදේශයේ ගල් තලාවක ගල්වෙඩි දමා නිධානයක් ගැනීමට සූදානම්ව සිටියදී මඩොල්සිම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හත්දෙදෙනෙකු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියෝග කළේය.

මීළඟ උසාවි දිනයට සැකකරුවන් විසින් විනාශකරන ලද ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස රක්ෂීත බන්ධනාගාර ගත කරන ලද්දේ  මඩුගස්තලාව හිඟුර සහ කහටරුප්ප ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 23 -54 වයස්වල පසුවන පුද්ගලයින් හත් දෙනෙකි.

සැක සහිත පිරිසක්  ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව  මීගොන් වැටෙන බොක්කට පහලින් වූ ගල්තලාවක් ආසන්නයේ  ගැවසෙන බවට මඩොල්සිම පොලිසිය වෙත ලද තොරතුරක් මත එහි ගිය මඩොල්සිම පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීම් සිදුකර සැකකරුවන් හා ඔවුන් සතුව තිබූ උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබූ ඉල්ලංකූරක් ,කුළුගෙඩි දෙකක් , පුවක් මල් , පහන් ඇතුළු භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ ගල් වෙඩි හතරක් පුපුරුවා හැර තිබූ අතර එම ගලෙහි  කොටන ලද නාග රූපයකටද දැඩි හානි සිදු කර ඇති බව පොලිසිය කියයි. 



අදහස් (0)

නිදන් හෑරූ 7ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site