IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මැලේරියා යළි පැතිරයාමේ අවදානමක්

(ඩයනා උදයංගනී)
         
නිසි පාලනයක් නොකළහොත් මැලේරියා රෝගය මෙරට යළි පැතිරීමේ දැඩි අවදානමක් තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එච්.ඩී.බී හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව මැලේරියා ග‍්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මිදුණේ 2012 වසරේදී වන අතර ඉන්පසු මැලේරියා රෝගය වැළඳුණු ශ්‍රී ලාංකිකයෙක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හඳුනාගැණුනු බව ද වෛද්‍ය එච්.ඩී.බී හේරත් මහතා සඳහන් කළේය.

ඉන්දියාවෙන් පැමිණි ශ‍්‍රමිකයෙකුගෙන් හෝමාගම ප‍්‍රදේශයේ අයෙකුට එලෙස මැලේරියා රෝගය වැළඳී තිබූ අතර වෛද්‍යවරුන් විසින් ගත් ක‍්‍රියාමාර්ග ඔස්සේ රෝගය පැතිරයාම වළක්වා ගැනීමට හැකි වූ බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ගතවූ හය වසර තුළ මෙරටින් මැලේරියා රෝගීන් 365 දෙනෙකු හමුවී ඇති අතර ඉන් එක් අයෙකු හැර අන් සියලුදෙනා විදේශිකයින් බව අධ්‍යක්‍ෂවරයා කීවේය.

මෙරටට ශ‍්‍රමිකයන් හා සරණාගතයින් වශයෙන් පැමිණෙන විදේශිකයින්, විදෙස් සංචාරකයින් සහ විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ලෙස මැලේරියා රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව කී වෛද්‍ය හේරත් මහතා සාමාන්‍යයෙන් වසරකට එවැනි රෝගීන් 50ක් පමණ හඳුනාගැනෙන බව ද සඳහන් කළේය.

මෙම වසරේ ද ගතවූ කාලයේදී මැලේරියා රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය.

විදේශයන්හිදී මැලේරියා රෝගය ආසාදනය වී පැමිණි 57 දෙනෙකු 2017 වසරේදීත්, රෝගීන් 47 දෙනෙක් 2018 වසරේදීත් හමුවූ බව ද හෙතෙම කියා සිටියේය.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එච්.ඩී.බී හේරත් මහතා මේ බව පැවසුවේ ලෝක මැලේරියා දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
         
කෙසේ වෙතත් දැනුවත් කිරීම මගින් මෙම රෝග අවදානමෙන් මිදිය හැකි බව කී අධ්‍යක්‍ෂවරයා යම් හෙයකින් යළිත් රෝගය ව්‍යාප්ත වුවහොත් දැනට රෝග මර්දන වැඩසටහන්වලට වැය කරන මුදල මෙන් දසගුණයක මුදලක් වෙන්කිරීමට රජයට සිදුවනු ඇතැයි ද කීවේය.
         
මැලේරියා රෝගය පවතින රටක සංචාරයකින් පසු මෙරටට පැමිණි විට උණ රෝගය වැළඳුනහොත් එවන් රටක සංචාරය කළ බව වෛද්‍යවරයාට පවසා අවශ්‍ය පරීක්‍ෂණ කරවාගැනීම, එවන් රටක සංචාරයකට යාමෙන් පෙර රෝගයෙන් ආරක්‍ෂාවීමට අවශ්‍ය ඖෂධ ලබාගැනීම, රෝගියෙකු හමුවූ වහා ගත යුතු පියවර සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැනුම්වත් කිරීම ආදිය මගින් මෙම රෝගය මෙරට පැතිරීම වළක්වා ගත හැකි බව ද හෙතෙම පැවසීය.
         
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසුවේ ශ්‍රී ලංකාව මැලේරියා රෝගය බහුල රටවලින් වටවී ඇති රටක් නිසා මෙරටට රෝගීන් පැමිණෙන බවයි. ශ්‍රී ලංකාව නිවර්තන රටක් බැවින් වාහක මදුරුවන් සහමුලින් තුරන් කිරීම අපහසු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එබැවින් රෝගය යළි පැතිරීමේ අවදානම ඉහළ බව ද කීවේය.
         
මැලේරියා මර්දන ව්‍යාපාරය හරහා එම අවදානම අවම කිරීමට ගත හැකි සියලු පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.          



අදහස් (0)

මැලේරියා යළි පැතිරයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32273 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site