IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චෝදනා 9කට වැරදිකරුවකුට 62,000ක දඩයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

බීමත්ව රිය පදවා, ත්‍රිරෝද රථ රියැදුරෙකුට සහ යතුරුපැදිකරුවකුට කඩුවකින් පහරදීමට තැත්කිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකුට රුපියල් 62,000ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(15) නියෝග කළේය.

ඊට අමතරව මාස තුනක සිර දඬුවමක් ලබා දී එය වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය.

මෙලෙස දඩ නියම වූයේ ගම්මන්පිල කහටගහහේන පදිංචි නුවන් සංජීව පෙරේරා නමැත්තෙකුටය.

සැකකරු බීමත්ව, කඩුවක් රැගෙන යතුරු පැදියකින් වීදාගම සිට වීදියගොඩ දෙසට යමින් සිටියදී, රිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටී ඇත. එම අවස්ථාවේ සැකකරු කඩුවෙන් එම රියැදුරන්ට පහරදීමට තැත් කර ඇති අතර ඔවුන් මහත් පරිශ්‍රමයක් දරා ඔහුගෙන් බේරී පලාගොස් ඇති බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසිය ලද තොරතුරකට අනුව යතුරුපැදියෙන් පලායමින් සිටි සැකකරු හඹාගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුට එරෙහිව බීමත්ව රිය පැදවීම, ලියාපදිංචි නොකළ රථයක් ධාවනය කිරීම, රියදුරු බලපත්‍රය නොමැතිව ධාවනය කිරීම, අනතුර වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය, රිය අනතුරක් සිදුකර ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ පොලිසිය විසින් සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

චෝදනා 9කට වැරදිකරුවකුට 62,000ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site