මාසයකට පසු දෙමෝදර රෝහල අද විවෘත කරයි මාසයක් වසා දමා තිබූ දෙමෝදර රෝහල අද(09) මහජනයාට යළි විවෘත කර තිබේ. 09 May 2019
චීන පරිත්‍යාගයකින් පොලිසියට ජීප්රථ 10 ක් චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 09 May 2019
අටලුගම පවුල් සෞඛ්‍ය සේවා සායනයේ වෛද්‍යවරියට තර්ජන මුස්ලිම් කාන්තාවන් පලදින අබායා පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගිනිමින් බණ්ඩාරගම අටලුගම පවුලේ සෞඛ්‍ය සේවා සායනය වෙත කඩා වැඳුණු මුස්ලිම් තරුණයන් සිව් දෙනෙකු එහි සිටි අතිරේක වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලිසිය කියයි. 09 May 2019
ඉපලෝගම වැවකින් දිගු කඩු 7ක් ගොඩගනී ඉපලෝගම කල්ලංචියාගම වැවට දමා තිබූ දිගු කඩු 7ක් අද (09) හමුදා නිලධාරින් විසින් ගොඩ ගෙන තිබේ. 09 May 2019
දුරකථනයේ ද්වේශ සහගත දර්ශන තබාගත් අයෙකුට දඩ ආගමික හැඟීම් කෙළෙසන, ද්වේශසහගත දර්ශන ඇතුළත් ජංගම දුරකතනයත් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් 10,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(09) නියම කළේය. 09 May 2019
බෝක්කුවක් යටින් ටී-56 පතුරොම් 364ක් තලාතුඔය පොලිස් වසමේ තලාතුඔය මාරස්සන මාර්ගයේ කපුලියද්ද ප්‍රදේශයේ බෝක්කුවක් යට දමා ගොස් තිබූ ටී-56 තුවක්කු සඳහා භාවිත කරන මැගසින්, ටී - 56 පතුරොම් සහ හිස් පතුරොම් කොපු තොගයක් සොයාගත් බව තලාතුඔය පොලිසිය කියයි. 09 May 2019
සරසවි සිසුවාගේ මරණයට පරීක්ෂණ කරන්න බලධරයන්ට නියෝග දෙන්න’යි ඉල්ලීමක් නවකවධය දරාගත නොහැකිව ගෙළ වැළලාගෙන සියදිවි නසාගත් මොරටු සරසවි ශිෂ්‍යයාගේ මරණයට වගකිවයුතු සැකකරුවන් අනාවරණය කර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා අදාළ බලධාරින්ට නියෝගයක් ලබාදෙන ලෙස කුරුණෑගල අධිකරණයේ කටයුතු කරන නීතිඥවරයකු වන පියුමාල් හේරත් මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 09 May 2019
බද්දේගම තේවත්තක ඩෙටනේටර් - වෙඩි බෙහෙත් බද්දේගම ප්‍රදේශයේ තේ වත්තක ගලක් යට සඟවා තිබූ ඩෙටනේටර් 4ක් සමග වෙඩි බෙහෙත් පාර්සලයක් සොයාගෙන තිබේ. 09 May 2019
පිස්තෝල - කඩු සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ දී යුද හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 May 2019
තලාපිටිය නිවසින් අත්අඩංගුවට ගත් හමුදා ඇඳුම් ගැන විමර්ශනයක් ගාල්ල පොලිස් වසමේ තලාපිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය සහ රණවිරු ඇපරල් ආයතනය එක්ව විමර්ෂණයක් ආරම්භ කර තිබේ. 09 May 2019
වනඅලි පහරදී නිවාස 3ක් විනාශයි - 3ක් රෝහලේ ගිරාඳුරුකෝට්ටේ සෙනෙවිගම ගම්මානයකට අද(08) කඩාවැදුණු වන අලිරංචුවක් නිවාස තුනක් පෙරළා දමා කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකුට පහරදී තුවාල සිදුකර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. 09 May 2019
පයාගල ඇළකින් පිස්තෝල - පතුරොම් හමුවේ පයාගල පොතුවිල පාලම යට ඇළ මාර්ගයක තිබී ආරක්ෂක හමුදාව භාවිත කරන 9 - එම්. වර්ගයේ පිස්තෝල 2ක් සමඟ පතුරොම් 5ක් අද(09) සොයාගත් බව පයාගල පොලිසිය කියයි. 09 May 2019
පුවක්පිටිය විදුහලේ මව්පියෝ නිහඬ විරෝධතාවයක අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනුයුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකුට සහ ගුරුවරයකුට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නියෝගයකට අනුව හදසියේම වෙනත් පාසල් සඳහා මාරුවීම් දීමෙන් තම දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි දෙමාපියෝ අද (9) විද්‍යාලය ඉදිරිපිටදී නිහ ඬ විරෝධතාවයක නිරත වුහ. 09 May 2019
හොර්ටන්තැන්න නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක්ට දඩ හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය. 09 May 2019
වව්නියාවේ මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට වවුනියාව සාලම්භකුලම් ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි. 09 May 2019
ඝාතනය කර පුළුස්සා දැමූ කාන්තාවකගේ සිරුරක් හමුවෙයි අම්බලන්තොට චිත්‍රාගල ගොයම් කොළමුල්ලේදී පහරදී ඝාතනය කර පුළුස්සා තිබූ කාන්තාවකගේ සිරුරක් අද (09) උදේ සොයා ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. 09 May 2019
දොළක් ළඟ විද්‍යුත් ඩෙටනේටර් 5ක් රත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප්‍රදේශයේ පලාවෙල දොළ ආශ්‍රිතව තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් 5ක් සහ වයර් කිහිපයක් හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි. 09 May 2019
මඩාටුගම මුස්ලිම් ගම්මානයේ ළිඳකින් කඩු- පිහි හමුවෙයි කැකිරාව මඩාටුගම මුස්ලිම් ගම්මානයේ සමඟි මාවත ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ කඩුවක් පිහියක් යුද හමුදාව විසින් කළ විශේෂ සෝදිසියකදී සොයා ගනු ලැබීය. 09 May 2019
වන අලියකුගේ පහරදීමෙන් අයෙක් මරුට පොළොන්නරුව, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමිය තුළ පිහිටි කඩ මැස්සක නිදාගෙන සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු අද (09) වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 09 May 2019
බොරළුහේන පාළමක් අසළින් කඩුවක් හමුවෙයි පිටිගල පොලිස් බලප්‍රදේශයට අයත් බොරළුහේන ගන්ඉම පාළම අසළ තිබී කඩුවක් සොයාගත් බව පිටිගල පොලිසිය පවසයි. 09 May 2019
උල් පිහි 11 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉතාලියේ නිෂ්පාදිත පිහි ඇතුළු පිහි 11 ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අද (08) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ අංශය පැවැසීය. 08 May 2019
මවගේ ගෙල සපාකෑ පුතා පොලිස් දැලේ සිය මවට හා සොහොයුරියට අමානුෂික ලෙස පහර දී මවගේ ගෙල සපාකා තුවාල සිදුකළ තරුණයෙක් අද (08) හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 May 2019
බලන්ගොඩ පුවක්ගහවෙල කැළෑවක බෝම්බ දෙකක් බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ කැළැවක් පරික්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත බෝම්බ දෙකක් අද (08) හමු වූ බව පොලිසිය පවසයි. 08 May 2019
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් ඉහළට රටේ ආරක්ෂක තත්ත්වයත් සමඟම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් වැඩි වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2019
පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක මාරවිල නගරයේ දී පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය සැලසුම් සහගත ලෙස පොලිසිය විසින් සිදුකර ඇතැයි කියමින් හලාවත මුගුණුවටන ප්‍රදේශයේ පිරිසක් අද (8) විරෝධතාවක නිරත වූහ. 08 May 2019
‘දරුවන් පාසල් යැවීමට බියවන දෙමාපියන් කිසිඳු බියකින් තොරව ටියුෂන් වලට දරුවන් යවනවා‘‘ රටතුළ පවතින හදිසි තත්ත්වය හමුවේ දරුවන් පාසල් යැවීමට බොහෝ සෙයින් බිය වන දෙමාපියන් කිසිඳු බියකින් තොරව විශාල සිසුන් සංඛ්‍යාවක් ගැවසෙන පෞද්ගලික පන්ති වලට දරුවන් යැවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා අද (08) පැවති කුරුණෑගල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය. 08 May 2019
ජීව උණ්ඩ 3ක් ලෑලි බංකුවක් උඩ මිල්ලණිය ගොවි ජන සේවා මධ්‍යස්ථානය භූමියේ තාවකාලිකව තනන ලද ලෑලි බංකුවක් මත තිබී ජීව උණ්ඩ 3ක් හමු වූ බව මිල්ලණිය පොලිසිය පවසයි. 08 May 2019
කොළඹ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ පෙත්සම විභාගයට අවසර නීතීඥවරුන් නොවන දෙදෙනෙකු කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් හැටියට පත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔවුන්ගේ සේවා කටයුතු වළකාලන ලෙස ඉල්ලා කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) අවසර ලබා දෙන ලදී. 08 May 2019
සැලසුම් අධ්‍යක්ෂකට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්න‘යි විරෝධතා මාර්ගයක් ඉදිරිමේ කටයුතු ආරම්භ කිරීමට යාමේදී විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරයාට හා තවත් පුද්ගලයෙකුට පහරදී ඔවුන් මාතලේ මහරෝහලේ ප්‍රතිකර ලබන අතර ඒ සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක නිරතවූහ. 08 May 2019
හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ගෙන ගිය මුස්ලිම් ජාතිකයෝ 2 ක් අත්අඩංගුවට වැල්ලවාය සිට වැලිමඩ දක්වා යුද හමුදා ටී ෂර්ට්වලට සමාන ඇඳුම් තොගයක් රැගෙන යමින් සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (8) බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 08 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025