(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනුයුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකුට සහ ගුරුවරයකුට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නියෝගයකට අනුව හදසියේම වෙනත් පාසල් සඳහා මාරුවීම් දීමෙන් තම දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි දෙමාපියෝ අද (9) විද්‍යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සදහා ආරම්භ වූ ඉකුත් 6 වැනි දා ආරම්භ විය.
එම පාසලට අනුයුක්තව රාජකාරියේ සිටි මුස්ලිම් ජාතික ගුරුවරුන් සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙන සේ ඇදුම් හැඳ පාසලට පැමිණීම සම්බන්ධයෙන් එලෙස ඇදුම් ඇඳීමෙන් වැළකී ආරක්ෂක අංශවලට පහසු වන ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙද විදුහල්පති ගුරුවරුන්ට දැනුම් දීමක් කළ ද ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර ඇති බවද එම දෙමාපියෝ කියති.
පසුව ඉකුත් 7 වැනි දා අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන්, දෙමාපියන්, ආරක්ෂක කමිටුවල නිලධාරීන් පාසලේ ප‍්‍රධාන ගේට්ටුව අසලදී විදුහල්පති ප‍්‍රමුඛ ගුරුවරුන් හා සිසුන්ව ද පරීක්ෂා කිරීමෙන් පසු පාසල තුළට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ඔවූහු පවසති.
එහෙත් එදින පාසලට පැමිණි මුස්ලිම් ජාතික ගුරුවරුන් 13 දෙනා පරීක්ෂා කිරීම සදහා අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් නිලධාරීයන් හෝ පාසලේ කිසිවෙකුට අවස්ථාව ලබා නොදීමෙන් ගුරුවරුන්ට පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවේ හැටියට ආරක්ෂක කටයුතු සඳහා පහසුවක් වෙන ආකාරයෙන් ඇඳුමක් පැළඳ පාසලේ ඉගෙන්වීම් කටයුතු සඳහා සහභාගී වෙන ලෙස ඉල්ලා සිටිය ද එම සියලුදෙනා පාසලට පැමිණීම ප‍්‍රතික්ෂේප කර පිටත්ව ගිය බවද විරෝධතායේ යෙදුණු දෙමාපියෝ පවසති.
පසුව අදාළ ගුරුවරුන් පිරිස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුණ ගැසී මේ පිළිබඳව දන්වා සිටිමෙන් පසු පැය කිහිපයක් ඇතුළත අදාළ ගුරුවරුන් 13 දෙනාම වෙනත් පාසල්වලට මාරු කර යවා ඇති බැවින් තම පාසලේ ඉගෙනුම ලබන 850 ක් වූ දරු පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර වහා තම දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ලබා දීමට පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුවක්පිටිය විදුහලේ මව්පියෝ නිහඬ විරෝධතාවයක